විද්‍යුත් පුවත්පත් ආරක්ෂා කර ගැනීමේ උත්සාහයක්

Published in පුවත්
Sunday, 16 November 2014 08:23

අන්තර්ජාල වෙබ් අඩවි වාරණය කරනු ලැබීම නතර කිරීම සඳහා නෛතික මට්ටමින් පියවර ගනු ලැබීමට ඇති ඉඩකඩ සීමා වී ඇති තත්වය හමුවේ එම අසාධාරණය පාලනය කර ගැනීමට දේශපාලනමය මැදිහත් වීමක් අවශ්‍ය කරන බව වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය පෙන්වා දෙයි.

ඔවුන් එම කාරණය පෙන්වා දුන්නේ සිකුරාදා(14) ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල සමඟ පැවැත්වූ සාකච්ඡාවක දීය. 

තමන් මුහුණ දී ඇති ගැටළු ගැන සාකච්ඡා කිරීමට ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල හමු වූ වෙබ් මාධ්‍යවේදීහු ඇමතිවරයාට සහ ජන මාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට ඔවුන්ට මුහුණ දීමට සිදු වී ඇති අභියෝග පිළිබඳව දැනුම් දුන්හ.

එම සාකච්ඡාවට සහභාගී වූ වෘත්තීය අන්තර්ජාල වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු ෆ්‍රෙඩී ගමගේ පවසන්නේ, සිය වෘත්තීය සමිතිය පිහිටුවා ගන්නා ලද්දේ ප්‍රවෘත්ති වාර්තාකරණයේ යෙදෙන වෙබ් අඩවිවල මාධ්‍ය නිදහස් සහතික කර ගැනීමට බවයි.


ප්‍රවෘත්ති වෙබ් අඩවි



‘ගොසිප් වෙබ් ප්‍රකාශන රාශියක් තිබෙනවා. ඔවුන් තොරතුරු වාර්තා කරන්නේ මූලාශ්‍ර රහිතව. එවැනි තත්වයක් යටතේ ප්‍රවෘත්ති වාර්තාකරණයේ යෙදෙන වෙබ් මාධ්‍යවේදීන්ගේ සංවිධානයක් නිර්මාණය කර ගැනීමට අපට සිදු වුනා. වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය ඒ සඳහා පිහිටුවා ගත් පළමු සංවිධානයයි’ සංගමයේ කැඳවුම් කරු ෆ්‍රෙඩී ගමගේ මහතා පවසයි.

තම සංගමය වෙබ් අඩවි වාරණය කරනු ලැබීම ඇතුළු කරනු ගණනාවක් ඇමතිවරයා සමඟ සාකච්ඡා කළ බව කියා සිටි ෆ්‍රෙඩී ගමගේ එම සාකච්ඡාව යහපත් මට්ටමින් සිදු වූ බවද කියා සිටියේ ය.

‘සමබිම’ වෙබ් අඩවියේ උපදේශක කර්තෘ නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේ වෙබ් මාධ්‍යවේදීන්ට බලපාන නීතිමය ගැටළු, සමහර වෙබ් අඩවි වාරණය කරනු ලැබීම සහ ලියාපදිංචි කරනු ලබන වෙබ් අඩවි සංවර්ධනය කිරීම සඳහා රජයේ සහයෝගය ලබා ගැනීම යන කරුණු තුන පිළිබඳව ජනමාධ්‍ය ඇමතිවරයා සමඟ සාකච්ඡා කළ බවයි.


දේශපාලන මැදිහත් වීමක්


‘අද බල පැවැත්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය අනුව අදහස් ප්‍රකාශනයේ නිදහස මූලික නීතිය මගින්ම සහතික කරනු ලැබ තිබෙනවා. ඒත් විද්‍යුත් ප්‍රකාශන වලට වාරණ පැනවීම සිදු කෙරෙන ආකාරය අනුව නීතිය ඉදිරියට ගොස් යුක්තිය ඉටු කර ගැනීම අතින් ගැටළු පවතිනවා. ඒ නිසා නීතිය අනුව පමණක් නොව ඊට දේශපාලන නායකත්වයේ මැදිහත් වීමක් ද අවශ්‍ය කරන බව අපි ඇමතිවරයාට පෙන්වා දුන්නා’ නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා කියා සිටියි.

වෙබ් මාධ්‍යවේදීන් ඉදිරිපත් කරන ඉල්ලීම් සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගෙන් බීබීසිය විමසීමක් කළ විට ඇමතිවරයා කියා සිටියේ මාධ්‍ය වාරණයට රජය මැදිහත් නොවන බවයි.

වෙබ් මාධ්‍යවේදීන් තමාට කියා සිටියේ ‘කවුරුන් විසින් හෝ’ වෙබ් අඩවි වාරණය කරන බව යයි ඇමතිවරයා පවසයි.

වෙබ් අඩවි තුනක් වාරණය කරනු ලැබීම ගැන මානව හිමිකම් කොමිසමට සිදු කර ඇති පැමිණිලි සම්බන්ධයෙන් පියවර නොගැනීම පිළිබඳව ඇමතිවරයාගෙන් පැහැදිලි පිළිතුරක් නොලැබුණි.

(බිබිසි සංදේශය) 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us