ගණිත ප්‍රශ්න පත්‍රය පිටවීම ගැන CID පරීක්‍ෂණ

Published in පුවත්
Saturday, 15 November 2014 12:41

ගණිතය ප්‍රශ්න පත්‍රය පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීම බස්‌නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (14 වැනිදා) පවරන ලදී.

පසුගිය 12 වැනිදා බස්‌නාහිර පළාතේ එකොළහ ශ්‍රේණියේ සිසුන්ට වාර විභාගයට ලබා දුන් ගණිතය ප්‍රශ්න පත්‍රය ඊට පෙර පිටවී තිබූ බවට ලද පැමිණිලි පරීක්‍ෂා කිරීමෙන් පසු මේ වන විට ගොඩිගමුව පාසලේ විදුහල්පතිවරයා සහ ගුරු උපදේශිකාවක ස්‌ථානමාරු කිරීමට පියවර ගනු ලැබ ඇත.

විදුහල්පතිවරයා මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයට ද ගුරු උපදේශිකාව පළාත් අධ්‍යාපන කාර්යාලයටද මාරු කර තිබේ. මීට අමතරව තවත් ගුරු උපදේශකවරුන් දෙදෙනකුගෙන් ද පරීක්‍ෂණ නිලධාරීන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

සිද්ධිය සම්බන්ධ මූලික පරීක්‍ෂණවලට අනුව පිටවී ඇති ප්‍රශ්න පත්‍රය දිවුලපිටිය කොට්‌ඨාසයට අයත් ගොඩිගමුව මහා විදුහලට භාරදුන් ප්‍රශ්න පත්‍ර මිටියේ තිබූ එකක්‌ යෑයි හෙළිවී තිබේ. ඒ සම්බන්ධ පරීක්‍ෂණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇත්තේ ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස්‌ මතය.

(දිවයින)

Last modified on Saturday, 15 November 2014 12:41

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us