ත්‍රි‘මලේ 15,000 කට හැදුණුම්පත්

Published in පුවත්
Saturday, 15 November 2014 11:35
ඉදිරි ජාතික මැතිවරණයක දී ඡන්දය ප්‍රකාශ කිරීම සදහා සුදුසුකම් ලබා ඇති සියඵම ඡන්දදායකයින් වෙත හැදුණුම්පත් ලබාදීම ඉලක්ක කොට ගත් ජංගම සේවා මාලාවක් 2014 නොවැම්බර් 15 දින ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ආරම්භ වේ.
 
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ 15, 200 කට ආසන්න පිරිසකට ජාතික හැදුණුම්පත් නොමැති බව පසුගිය දා නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ව්‍යාපාරය (කැෆේ), ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවක දී අනාවරණය විය. 
 
මෙම පිරිසකට හැදුණුම්පත් ලබා ගැනීම සදහා පහසුකම් සැපයීම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සෑම ප්‍රා දේශීය ලේකම් කොට්ඨාශයක්ම ආවරණය වන පරිදි පැවැත්වෙන ජංගම සේවාවන් හි අරමුණයි. 
 
ජංගම සේවා පැවැත්වෙන ස්ථාන මෙසේය.
 
නොවැ. 15  - ත්‍රිකුණාමල ප්‍රා දේශීය ලේකම් කාර්යාලය පෙ.ව. 8.30
නොවැ. 16 - තඹලගමුව ප්‍රා.ලේ. කාර්යාලය පෙ.ව. 9
නොවැ. 17 - මොරවැව ප්‍රා.ලේ.කාර්යාලය පෙ.ව. 9
නොවැ. 18 -ගෝමරංකඩවල ප්‍රා.ලේ.කාර්යාලය පෙ.ව. 9
නොවැ. 19 - සේරුවිල ප්‍රා. ලේ.කාර්යාලය පෙ.ව. 9.30
 
ඉදිරි ජාතික මැතිවරණයක දී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති සියඵ දෙනා වෙත හැදුණුම්පත් ලබාදීම සදහා දැනුවත් කිරීමේ සතියක් මැතිවරණ දෙපාර්තමේන්තුව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හා කැෆේ සංවිධානය මේ වන විට ක්‍රියාත්මක කරයි.  මෙම වැඩසටහන යටතේ ලක්ෂ දෙකකට ආසන්න පිරිසකට ඉදිරි මාස දෙක ඇතුලත හැදුණුම්පත් ලබාදීමට පහසුකම් සැලසීමට රාජ්‍ය ආයතන සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන හා වෙනත් සිවිල් සංවිධාන කටයුතු කරයි.  බදුල්ල දිස්ත්‍රික්කයේ මේ යටතේ දැනටමත් 6400 කට කැෆේ සංවිධානය යටතේ ජාතික හැදුණුම්පත්, උප්පැන්න සහතික හා වෙනත් ලේඛණ ලබාදීමට පහසුකම් සලසා ඇත.
 
ජංගම සායන සදහා පැමිණෙන පුද්ගලයින්ට ඡායාරූප, උප්පැන්න සහතික, මුද්දර ගාස්තු පවා නොමිලේ ලබා දෙන අතර සති දෙකක් ඇතුලත හැදුණුම්පත් නිකුත් කිරීමට කටයුතු කෙරේ.
 
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය මගින් සංවිධානය කරන මෙම වැඩසටහනට මුල්‍ය අනුග්‍රහය දක්වන්නේ යූඑස්ඒඩ්(USAID) ආයතනය යටතේ ක්‍රියාත්මක ස්පයිස් (SPICE)ව්‍යාපෘතියයි.  මෙම වැඩසටහන යටතේ මඩකලපුව, අම්පාර, මොණරාගල, බදුල්ල, ත්‍රිකුණාමලය හා මාතර දිස්ත්‍රික්කයන් හි ජනතාව වෙත මේ වන විටත් හැදුණුම්පත් ලබා දීමේ පහසුකම් සලසා ඇතැයි එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us