බලහත්කාරී හමුදා පුහුණුවෙන් තවත් සිසුවියක් ආබාධට ලක් වෙයි.

Published in පුවත්
Tuesday, 11 November 2014 12:39

නොවැම්බර් 8 වන දින කලැත්තෑව හමුදා කදවුරේ හමුදා පුහුණුව ලබමින් සිටි සරසවි සිසුවියක් පුහුණුව ලබමින් සිටි අතර තුර ආබාධයට ලක්ව අනුරාධපුර මහා රෝහලට ඇතුලත් කර තිබේ.

මෙලෙස ආබාධයට ලක්ව ඇත්තේ V.K.D.R කෞෂ්‍යල්‍යා විජිතලාල් නැමැති 21 හැවිරිදි දඹුල්ල ප්‍රදේශයේ පදිංචි ශිෂ්‍යාවකි.

පුහුණුව අතරතුරදී ඇය අඩි 7ක තාප්පයකින් වැටි කොන්දේ ආබාදයකට ලක්ව ඇත. ඇයගේ පළමු කශේරුකාවේ අස්ථි බිදීමක් සිදු වී ඇති බව වෛද්‍යවරු පවසයි.

පසුගියදා සරසවි සිසුන්ට ලබා දෙන හමුදා පුහුණුවේදී මහනුවර ගන්නෝරුව හමුදා කදවුරේදී සරසවි සිසුවියකට හමුදා සෙබලෙකු විසින් ලිංගික අතවර කර තිබු අතර එම සිදුවිම ආණ්ඩුව විසින් යට පත් කරන ලදී.

සරසවි සිසුන්ට ලබා දෙන බලහත්කාරි හමුදා පුහුණුව සරසවි සිසුන්ගේ, ආචාර්‍යවරුන්ගේ හා දෙමාපියන්ගේ විරෝධ්‍ය මැද ආණ්ඩුවේ දේශපාලන උවමනාව මත සරසවි සිසුන්ගේ ජීවිත වලට කිසිදු වගකීමක් නොගෙන පවත්වාගෙන යනු ලැබේ.

මේ වන විට මෙම හමුදා පුහුණුවෙන් සිසුන් දෙදෙනෙකුගේ ජීවිතද පිලිගෙන තිබෙන තත්වයක් තුල , ලිංගික අතවර වීම් , ආබාධයන්ට ලක්වීම් විශාල ප්‍රමාණයක් වී තිබියදීත් මෙය සිදු කරගෙන යන්නේ ඔහුන්ට අවශ්‍ය හමුදා ඔත්තු කරුවන් සරසවි තුළට ඇතුලත් කර ගැනීමේ ආණ්ඩුවේ දේශපාලන උවමනාව මත වේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us