ජනාධිපතිවරයාගේ මත විමසීම ප්‍රසිද්ධියේ සිදු කළා නම් තමයි හොද

Published in පුවත්
Tuesday, 11 November 2014 12:11
ජනාධිපතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කළ මත විමසීමට කරුණු දැක්‌වීම සඳහා ඉඩ ප්‍රස්‌ථාව ලබා නොදී රහසිගතව සිදුකිරීම සම්බන්ධයෙන් කනගාටුව හා කනස්‌සල්ල ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ අජිත් පතිරණ මහතා පවසයි.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තෙවැනි වරටත් ජනාධිපති ධුරය සඳහා තරග කිරීම හා දෙවැනි ධුර කාලයේ වසර 04 ක්‌ ගත වූ පසු ජනාධිපතිවරණයක්‌ කැඳවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කර ඇති මත විමසීම ප්‍රසිද්ධියේ නොපැවැත්වීම පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමින් පතිරණ මහතා එසේ කියා සිටියේය.
 
එහිදී වැඩිදුරටත් කරුණු දැක්‌වූ ඒ මහතා මෙසේ ද කියා සිටියේය.
  
 ''ජනාධිපතිවරයාගේ මත විමසීම සම්බන්ධයෙන් කරුණු දැක්‌වීමට අවස්‌ථාවක්‌ ලබා නොදී එය රහසිගතව සිදුකිරීම ගැන කනගාටුව හා කනස්‌සල්ල ප්‍රකාශ කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ඔවුන් ජනාධිපතිවරයා වෙත පෞද්ගලිකව දන්වා යවයි. මේ අධිකරණ කටයුත්තට එක්‌වන්නේ එම විනිසුරුවරුන් පමණයි. මෙහි විනිසුරු මඬුල්ලට විනිසුරුවන් 05 දෙනකුට වැඩි පිරිසක්‌ එක්‌විය යුතුයි. මේ මත විමසීම සිදුකරන විනිසුරුවරුන්ට මේ ගැන ඉදිරිපත් වන පෙත්සම් විභාගයකට එක්‌වීමට නොහැකියි. එය සාමාන්‍ය ක්‍රියාදාමයයි. කෙසේ වුවත් මෙම මත විමසීම ප්‍රසිද්ධියේ කාටත් කරුණු දැක්‌විය හැකි ලෙසින් සිදු කළා නම් සාධාරණයි කියා කිව යුතුයි'' යනුවෙන් පැවසුවේය.
 
 
Last modified on Tuesday, 11 November 2014 12:12

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us