ඒඩ්ස් ශරීරගත වුවන්ට ජීවිත රක්ෂණ ආවරණයක්

Published in පුවත්
Tuesday, 11 November 2014 11:39

සෞඛ්‍ය අමාත්‍යාංශයේ  එච්.අයි.වී. ඒඩ්ස් මර්දන වැඩසටහන මගින් එච්.අයි.වී. ඒඩ්ස් වෛරසය ශරීරගත වී තිබෙන පුද්ගලයින්ට ජීවිත රක්ෂණ ආවරණයක් ලබා දීමට  තීරණය කර ඇත.

මේ සඳහා රක්ෂණ සමාගම් දහයකට ආසන්න සංඛ්‍යාවක් මේ සදහා කැමැත්ත පළ කර ඇති අතර ඒ පිළිබඳ සාකච්ඡා ලබන 18 වෙනි දින පැවැත්වීමට නියමිතව ඇති බව එච්.අයි.වී. ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කළේය.
 
ඒඩ්ස් වෛරසය ශරීරගත වූ පුද්ගලයින් 800ක් පමණ දෙනා මේ වන විට හඳුනාගෙන ඇති අතර එම පුද්ගලයින්ට මෙම ජීවිත රක්ෂණ ආවරණය ලබා ගැනීමට හැකි වනු ඇතැයි වෛද්‍ය  ලියනගේ මහතා පැවැසීය.
 
මෙම විශේෂ සාකච්ඡාව සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානය, රක්ෂණ සමාගම් නියෝජිතයින් හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහභාගිවීමට නියමිත බවද අධ්‍යක්ෂවරයා පැවැසීය. 
 
එච්.අයි.වී. වෛරසය ශරීරගත වූ පුද්ගලයින්ට කරනු ලබන ප්‍රතිකාර අනුව ඔවුන්ට වසර 10ක් හෝ  15ක් ජීවත් විය හැකි බැවින් මෙම ජීවිත රක්ෂණ ආවරණය ලබා දීම සුදුසු බව ඒඩ්ස් මර්දන වැඩසටහන තීරණය කර අැත.

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us