ඉපැරණි බෝගම්බර බන්ධනාගාරයේ දැව අලුතින් ඉදිකරන ලද පල්ලෙකැලේ පිහිටි දුම්බර බන්ධනාගාරය වෙත ප්‍රවාහනය කරන අතරතුර මෙලෙස අතුරුදන් වී ඇති බව සැලවේ.
වර්ෂ 1800යේ දී පමණ බුරුමයේ සිට මෙරටට ගෙන එන ලද දැව තොගයක් ද ඒ අතර වන බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය.
බන්ධනාගාරයේ මෙලෙස අතුරුදන් වී ඇති දැව තොගයේ වටිනාකම රුපියල් කෝටියකට අධික බව සඳහන්ය.
මෙම සිද්ධියට අදාළව විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙස බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශ ලේකම්වරයා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලදී.