මේ නිසා රජයේ සේවකයන්ට සහන මිලට ලබාදෙන යතුරුපැදි ලංගම සේවකයන්ටත් ලබාදෙන ලෙස සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යවමින් ඉල්ලා සිටී.
උදෑසන ගමන් වාරය ආරම්භ කිරීමට උදෑසන තුනට, හතරට කිලෝමීටර් 10 ක් 15 ක් දුර ගෙවාගෙන පැමිණෙන ලංගම සේවකයන් විශාල පිරිසක් සිටී.
ඉතාමත් අඩු වැටුපකට සේවය කරන ලංගම සේවකයාට මෙම ගැටලුව විසඳාගැනීමට ආර්ථිකයක් නොමැති වීම නිසා සහන මිලට යතුරුපැදියක් ලබාදීම විශාල සහනයක් බව ඔවුන් තම ලිපිය මගින් සඳහන් කරයි.