උපාධිධාරීන් කම්කරු සේවයටද?

Published in පුවත්
Monday, 10 November 2014 09:58
ජාතික පාසල්වල,ගුරු විදුහල්වල,විද්‍යාපීඨවල කම්කරු රැකියා වල නිරත වන්නන් අතර  උපාධිධාරීන් දහසකට අධික ප‍්‍රමාණයක් සිටින බව අධ්‍යාපන කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.
උපාධිය හැදෑරීමට සුදුසුකම් තිබියදීත් ආර්ථික අපහසුකම් මත අනධ්‍යයන සේවයට එක්ව පසුව උපාධිය ලබාගත් සියලූම දෙනා ඌන සේවා උපාධිධාරීන් ගණයට අයත්වන බවත්,එලෙස ඌන සේවා උපාධිය ලබාගන්නා අයට සුදුසු රැකියා ලබාදීම සාමාන්‍ය ක‍්‍රමවේදය බවත් එම සංගමයේ ප‍්‍රධාන ලේකම් අජිත් කේ තිලකරත්න මහතා සදහන් කළේය. 
 
අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ඌන සේවා උපාධිධාරීන්ට සුදුසු රුකියා ලබාදීමට වැඩපිළිවෙළක් නොමැති වීම නිසා උපාධිය ලැබූ දහසකට අධික පිරිසක් තවමත් අධ්‍යාපන අනධ්‍යයන සේවාව යටතේ සුළු රැකියාවල නිරත වෙමින් සිටින බවද ඔහු පවසා සිටියේය.
 
මෙම වාතාවරණය මත සිදුවන්නේ ඉදිරියේදී උපාධිය ලබාගැනීමට සිටින පිරිස  අධෛර්යමත් වීම බවත්,උපාධිය ලබාගත් පිරිස් කම්කරු රැකියාවල යෙදවීම උපාධිය හෑල්ලූවට ලක් කිරීමක් බවත් ඔහුසදහන් කළේය. 

 

Last modified on Monday, 10 November 2014 11:11

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us