ලෝක ජනගහනයෙන් මිලියන 382 කට දියවැඩියාව

Published in පුවත්
Monday, 10 November 2014 09:32
අපේ රටේ ළමා ජනගහනයෙන් කොතරම් ළමුන් සංඛ්‍යාවකට දියවැඩියා රෝගය වැළඳී ඇත්දැයි හඳුනා ගැනීමට මේ වනතෙක්  පර්යේෂණයක්‌ සිදුකර නොමැති බවත්, ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ දියවැඩියා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මනිල්ක ද සුමනතිලක මහතා පවසයි.
එමෙන්ම වසර 2008 දී සිදුකළ පර්යේෂනයට සාපේක්ෂව මෙම වසර වනවිට අවුරුදු 18 ට වඩා වැඩි ජනගහනයෙන් සියයට පහළොවකට පමණ දියවැඩියා රෝගය වැළඳී ඇති බවට අනුමාන කළ හැකි බවද ඒමහතා පවසයි.
 
ඔහු මේ බව පවසා සිටියේ ලෝක දියවැඩියා දිනය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පැවති  මාධ්‍ය හමුවේදීය. 
 
එමෙන්ම මෙරටේ 2008 වසරෙන් පසු දියවැඩියා රෝගය පිළිබඳ මුළු රටම ආවරණය වන පරිදි සමීක්‍ෂණයක්‌ කර නොමැති බව පෙන්වා දෙන ඒ මහතා මෑතකදී කොළඹ දිස්‌ත්‍රික්‌කයේ කළ පර්යේෂණයකදී අවුරුදු 18 ට වඩා වැඩි ජනගහනයෙන් 29% ක්‌ දියවැඩියා රෝගයෙන් පෙළෙන බව අනාවරණය වී  ඇති බව පවසා සිටියේය.
 
මේවනවිට ලෝක ජනගහනයෙන් මිලියන 382 කට පමණ දියවැඩියා රෝගය වැළඳී ඇති අතර ලෝක දියවැඩියා දිනය නොවැම්බර් 14 වැනිදාට යෙදී ඇත.

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us