ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්‌ ඉල්ලීමට ජනපතිවරයාට අයිතියක්‌ නෑ

Published in පුවත්
Monday, 10 November 2014 09:18
ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 129 වැනි වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් උපදේශනාත්මක තීන්දුවක්‌ ඉල්ලා සිටීමට ව්‍යවස්‌ථාව අනුව මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට කිසිදු බලයක්‌ හෝ අයිතියක්‌ නැති බව එක්‌සත් ජාතික පක්‍ෂයේ ජාතික නායක හා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
විපක්‍ෂ නායකවරයා මේ බව පවසා සිටියේ ඊයේ (09 දා) විපක්‍ෂ නායක කාර්යාලයේදී ජාතික නීතිඥ සංගමය හමුවේ අදහස්‌ දක්‌වමිනි.
 
වැඩිදුටත් අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා උපදේශනාත්මක තීන්දුව ඉල්ලා සිටීම නිසා මැතිවරණ කොමසාරිස්‌වරයාට යම් අපේක්‍ෂකයකු සම්බන්ධව ස්‌වාධීනව හා අපක්‍ෂපාතීව තීරණයක්‌ ගැනීමේ අයිතියට බරපතළ පහරක්‌ එල්ල කර ඇති බවයි.
 
තමාට තෙවැනි වරටත් ජනාධිපතිවරණයට තරග කිරීමට හැකියාවක්‌ තිබෙනවාද නැද්ද යන්න පිළිබඳව මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ උපදේශනාත්මක තීන්දුවක්‌ ඉල්ලා සිටීම මගින් මැතිවරණ කොමසාරිස්‌වරයාගේ ස්‌වකීය අයිතියට පහර එල්ල කර ඇතැ බවද ඒ මහතා පෙන්වා දුන්නේය. 
 
මූලාශ්‍රය දිවයින

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us