පසුගිය නොවැම්බර් 5 වැනි දින මහින්ද රාජපක්ෂ මහතා අධිකරණයට යොමු කළ ලිපියෙන් එම නිගමනය නොවැම්බර් 10 වැනි දිනට ඔහුට ලැබෙන්නට සලස්වන ලෙස දන්වා තිබිණි.
ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන්වීමට තවත් වසර දෙකක් තිබියදී මේ පිළිබඳ විවෘත උසාවියේ විවාදයක් පවත්වා නීතිඥවරුන්ට කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමයත් ජනතා විමුක්ති පෙරමුණත් අධිකරණයෙන් ඉල්ලා සිටි අතර අධිකරණය ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීය.
ජනාධිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ උපදේශාත්මක තීරණයක් බවද අදාළ කාරණය පිළිබඳ මහජනයා අතර ඉමහත් උනන්දුවක් ඇති හෙයින් එය විවෘත අධිකරණය හමුවේ විවාදයට ගැනීමට බාධාවක් නොමැති බවත් මීට පෙර අවස්ථා කීපයකදී විවෘත අධිකරණය හමුවේ මෙවන් සිද්ධීන් විවාද කෙරුණු බවත් නීතිඥ සංගමය මෙන්ම විවිධ නීතඥවරු අධිකරණයට පැවැසූහ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ලිපිය අධිකරණයට යොමු කළ නොවැම්බර් 5ට පසු දින 6වැනිදා රජයේ නිවාඩු දිනයක් වූ බවද නොවැම්බර් 7 වැනි දින සවස 3.00 දක්වා ලිඛිත දේශන ගොනු කිරීමට කල්දීම ප්‍රමාණවත් නොවන බවද නීතිඥවරු අධිකරණයට මෝසම් මඟින් දැන්වූහ.
ජනතා විමුක්ති පෙරමුණද අධිකරණයෙන් මෙම ඉල්ලීම කෙළේය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තුන්වැනි වරටත් ජනාධිපති තනතුර සඳහා තරග කිරීමට ව්‍යවස්ථාමය බාධාවක් ඇත්ද යන්න පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය විමසා ජනාධිපතිවරයා යොමු කළ ලිපියට අදාළ තීරණය අද (10දා) ජනාධිපතිවරයාට යැවිය යුතු වෙයි.
Leave a comment
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...

