රතන හිමි 12දා දේශපාලන පිටිය උණුසුම් කරයි

Published in පුවත්
Sunday, 09 November 2014 10:07

'පිවිතුරු හෙටක් සඳහා ජාතික සභාවේ' සභාපති සහ ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර අතුරලියේ රතන හිමියන් විසින් ලබන දොළොස්වනදා කොළඹ දී පැවැත්වීමට සූදානම් වන මහ සමුළුවක් හේතුවෙන් දේශපාලන ක්ෂේත‍්‍රය උණුසුම් වෙමින් ඇත.

විපක්ෂය නියෝජනය කරන සියලූම දේශපාලන පක්ෂ ඊට එක්වීමට මේ වන විටත් කැමැත් ප‍්‍රකාශ කර ඇතැයි පැවසේ. මේ අතර තවත් කාරණයක් වන්නේ රජය නියෝජනය කරන පාර්ශව කිහිපයක්ද මීට සහභාගීවන බවට රාවයන් පැතිර යාමයි.


පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද කියා සිටියේ රජය නියෝජනය කරන ප‍්‍රගතිශීලි කණ්ඩායම් කිහිපයක් මෙම සමුළුවට එක්වීමට නියමිතව ඇති බවයි.

ඉදිරි ජනාධිපතිවරණය ව්‍යවස්ථා සංශෝධන ඇතුළු පිවිතුරු සමාජ ක‍්‍රමයක් වෙනුවෙන් ගත යුතු කි‍්‍රයාමාර්ග පිළිබඳ පුළුල් කථිකාවක් නිර්මානය කිරීම මෙම සමුළුවේ අරමුණ වී ඇත.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාණි බණ්ඩාරනායක යන මහත්මීන්ටද මෙම සමුළුවට සහභාගී වන ලෙස ආරාධනා කර ඇත.

සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ සභාපති, පූජ්‍ය මදුළුවාවේ සෝභිත හිමියන් සමග ඊයේ පැවති සාකච්ඡුාව අතරතුරද මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡුා කෙරුණු බවද සඳහන්වේ.

එහිදී විශේෂයෙන් අවධානය යොමු වී ඇත්තේ පොදු වැඩපිළිවෙලක් හරහා පොදු අපේක්ෂකයෙකු ඉදිරි මැතිවරණයේදී ජයග‍්‍රහණය කරවීමට ගත යුතු අනිවාර්ය කි‍්‍රයාමාර්ග සම්බන්ධවයි.

unnamed

 

unnamed 1

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us