ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ ජංගම සේවය බදුල්ලේ

Published in පුවත්
Sunday, 09 November 2014 10:16

ඡන්ද හිමි නාම ලේඛණයට අනුව ජාතික හැදුනුම්පතක් හෝ පිළිගනු ලබන අනන්‍යතා පත්‍රයක් නොමැති වීම හේතුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමිවන පිරිසගේ ඡන්ද අයිතිය ආරක්ෂා කර දීම සදහා කැෆේ සංවිධානය , ශ්‍රිලංකා මානව හිමිකම් කේන්ද්‍රය (CHR) සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව එක්වී වැඩසටහනක් දියත් කර තිබේ.

බදුල්ල, ත්‍රිකුණාමලය සහ මාතර යන දිස්ත්‍රික්කවල ඉදිරි ඡනාධිපතිවරණයට පෙර ජාතික හැදුනුම්පත් ලබාදීම සදහා ජංගම සේවා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

මෙහි පළමු අදියර ඔක්තෝබර් 27 වනදා සිට නොවැම්බර් 2 වනදා දක්වා බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස රැසකදී පැවැත්විණ.

එහිදී ජාතික හැදුනුම්පත් අහිමි 4281 දෙනෙකුට ජාතික හැදුනුම්පත් ලබාදුන් අතර උප්පැන්න සහතික අහිමිව සිටි 2121 කට සේවා සැපයා දී ඇත.

මෙහි දෙවන පියවර ඊයේ (08 ) කැන්දකැටියෙන් ඇරඹුන අතර , නොවැ 9 - 10 සොරණාතොට, නොවැ 11 ඌව පරණගම , නොවැ 13 හාලි ඇළ, නොවැ 14 හපුතලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලදී පැවැත්වීමට නියමිතය.

කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා සදහන් කරන්නේ ඉදිරි ජනාධිපතිවරණයට පෙර ජාතික හැදුනුම්පත් ඇතුළු අනන්‍යතා සහතික අහිමි විසිදහසක පමණ පිරිසකට මෙම ජංගම සේවා මගින් සේවා සැපයීමට අපේක්ෂා කරන බව ය.

මෙම ස්ථාන වලදී ජාතික හැදුනුම්පත්, උප්පැන්න සහතික ආදී සියලු අනන්‍යතා පත්‍ර ලබාදීමේ ජංගම සේවා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ. මෙහිදී ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේදී අවශ්‍ය වන ඡායාරූප කැෆේ සංවිධානය සහ ශ්‍රිලංකා මානව හිමිකම් කේන්ද්‍රය (CHR ) විසින් නොමිලේ ලබා දේ. මෙහිදී සැපයෙන කිසිදු සේවාවක් සදහා මුදලක් අය කිරීමක සිදු නොවේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us