ඉල්ලන්න කීවාම සජිත් බැහැ කියලා Featured

Published in පුවත්
Sunday, 09 November 2014 09:52

එළැඹෙන ජනාධිපතිවරණයට එජාපයෙන් සජිත් පේ‍්‍රමදාස මන්ත‍්‍රීවරයාට ඉදිරිපත්වන්නයැ’යි රනිල් වික‍්‍රමසිංහ මහතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනකු මාර්ගයෙන් ඔහුගෙන් ඉල්ලා ඇතැ’යි ද සජිත් පේ‍්‍රමදාස මන්ත‍්‍රීවරයා එය එකහෙළා ප‍්‍රතික්ෂේප කර ඇතැ’යිද එජාපයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු පිරිසක් පැවසූහ.

එළැඹෙන ජනාධිපති වරණයට රනිල් වික‍්‍රමසිංහ මහතා එජාපයෙන් ඉදිරිපත් නොවන්නේ නම් තමන් එජාපයෙන් ජනපති වරණයට ඉදිරිපත් වන බවට පසුගියදා සජිත් පේ‍්‍රමදාස මහතා ප‍්‍රසිද්ධියේ කියා තිබියදීත් ඔහු ගත් මෙම තීරණය සමග එජාපයේ සජිත් හිතවාදී පාර්ශ්වය බෙහෙවින් අපහසුතාවට පත්වී ඇත.

එළැඹෙන ජනාධිපති වරණයේදී එජාපයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නම් ඔහු රනිල් වික‍්‍රමසිංහ, කරු ජයසූරිය, සජිත් පේ‍්‍රමදාස අතරින් කෙනකු වියයුතු බව පක්ෂයේ මතය බවද කියා සිටින එම මන්ත‍්‍රීවරුන් රවි කරුණානායක, මංගල සමරවීර, විජේදාස රාජපක්ෂ, ලක්ෂ්මන් කිරිඇල්ල ආදී මන්ත‍්‍රීවරුන්ගේ වර්තමාන ක‍්‍රියා කලාපය නිසා නැවතත් පක්ෂයට පිටතින් ඉදිරිපත් වන පොදු අපේක්ෂකයකුට එජාපය සහාය දැක්විය යුතුයැ’යි යන මතයද පක්ෂය තුළ සක‍්‍රිය වී ඇති බව ප‍්‍රකාශ කරති.

කෙසේ හෝ ඉදිරිපත් කරන අපේක්ෂකයා මහින්ද පැරදවිය හැකි පුද්ගලයකු වියයුතුවා සේ ම පවතින විධායකය වෙනස් කර ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ ඉතා ඉක්මනින් ක‍්‍රියාත්මක කරන පුද්ගලයකු විය යුතු බවද එජාපයේ බහුතර මන්ත‍්‍රීවරුන්ගේ මතය වී ඇතැ’යි දැනගන්නට ඇත.

එජාපයේ වර්තමානයේ ඇතිවී තිබෙන තත්ත්වය මත එළැඹෙන අඟහරුවාදා, බ‍්‍රහස්පතින්දා අතර දිනකදී මාධ්‍ය හමුවක් සංවිධානය කරමින් එළැඹෙන ජනපතිවරණය පිළිබඳව පොදු වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන බවත්, එහිදී බොහෝ දුරට ජනපතිවරණයට තරග කරන අපේක්ෂකයා කවුරුන්ද යන වග ප‍්‍රකාශ්‍ය කිරීමට ඉඩ ඇති බවත් අප සමග අදහස් දැක්වූ එම මන්ත‍්‍රීවරු ප‍්‍රකාශ කළහ.


දැනට තිබෙන තත්ත්වය මත රනිල් වික‍්‍රමසිංහ, කරු ජයසූරිය, මාදුළුවාවේ සෝභිත හිමි, චන්ද්‍රිකා කුමාරතුංග යන නම් අතරින් කෙනකු පොදු අපේක්ෂකයා ලෙස ඉදිරි ජනපතිවරණයට තරග කිරීමේ වැඩි ඉඩකඩක් පවතී.

රනිල් වික‍්‍රමසිංහ මහතා සජිත් පේ‍්‍රමදාස මහතාට ජනපතිවරණයට ඉදිරිපත්වන්නයැ’යි කළ ඉල්ලීම පිළිබඳව සජිත් පේ‍්‍රමදාස මහතාගෙන් කරුණු විමසීමට උත්සාහ කළද එම උත්සාහය අසාර්ථක විය.

(රාවය)

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us