දුප්පතාට බදුගසා පෝසතා නිදහස්කරයි

Published in පුවත්
Monday, 07 July 2014 09:53

රජය මහජනතාව මත බදු බර පටවා ලබන ආදායම් විශාල වශයෙන් ඉහළ දමාගෙන ඇත. 2013 වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා දේශීය පරිභෝජනය මත ලබාගත් බදු ආදායම රුපියල් මිලියන අසූඅට දහස් අටසිය පහක (රු. මි. 88,805) සිට 2014 එම කාලය තුළ දේශීය පරිභෝජනය මත ලබාගෙන ඇති බදු ආදායම රුපියල් මිලියන අනූ පන්දහස් තුන්සිය හැට නවය (රු. මි. 95,369) දක්වා ඉහළ අගයක තිබීමෙන් මේ බව තහවුරුවේ.

මෙය 7.4%ක ඉහළ යාමකි.

දේශීය පරිභෝජනය මත පැනවෙන බදුවලට ප්‍රධාන අංග තුණක් ඇතුළත් වේ. එකතුකළ අගය මත බද්ද, නිශ්පාදන බද්ද සහ ජාතිය ගොඩනැගීමේ බද්ද වශයෙන්ය. දේශීය පරිභෝජනය මත පණවා ඇති බදු බර මේ ආකාරයට වැඩි කළද ඉහළ ආදායම් ලබන්නන්ගෙන් අයකරන ආදායම් බදු (income tax) ප්‍රමාණය අඩු වී ඇත.

2013 ජනවාරි - අප්‍රේල් දක්වා කාලය තුළ රුපියල් මිලියන හැටදෙදහස් දෙසිය විස්සක් (රු. මි. 62,220) ආදායම්බදු වශයෙන් ලබාගෙන ඇති අතර 2014 එම කාලය තුළදී ලබාගෙන ඇති ප්‍රමාණය රුපියල් මිලියන පනස් හත්දහස් දහතුනක් (රු. මි. 57,013)ය.

රාජ්‍ය මූල්‍ය කලමනාකරණය පිළිබඳ මධ්‍ය වාර්ෂික වාර්තාව 2014 මගින් මෙය හෙලි වේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us