ඔබාමා ගේ බහින කළාව

Published in පුවත්
Wednesday, 05 November 2014 14:18

මේ වන විට ඇමරිකානු ජනාධිපති බරැක් ඔබාමාගේ ජනපි‍්‍රයත්වය යම් පරිහානියකට පත් වෙමින් පවතී.මේ තත්වය මධ්‍යවාර මැතිවරණයේදී ඩිමොක‍්‍රටික් පක්‍ෂය වෙත බලපානු ඇතැයි පැවසේ. 

ඒබීසී නිව්ස්,වොෂින්ටන් පෝස්ට් විසින් සිදුකළ සමීක්‍ෂණයකට අනුව ඔබාමාට කැමැත්ත දක්වා ඇත්තේ 44%ක් පමණක් වන අතර ඇමරිකානු ජනතාවගෙන් අඩක්ම සිය ජනාධිපතිවරයාට කැමති නැති බව හෙළිවී අැත.
 
ඡන්දය ප‍්‍රකාශ කිරිමට ඉඩ ඇති පුද්ගලයන් අතරින් 53%ක්ම මෙලෙස ඔබාමාට අකමැති පිරිස් වීම මෙහි ඇති තවත් විශේෂත්වයකි. 
 
පසුගිය නොවැම්බර් මාසයේදී ඔබාමා පිළිකුල් කරන ප‍්‍රමාණය 52% දක්වා ඉහළ යන ලදී. එම අගය හා කැමැත්ත දැක්වූ ප‍්‍රමාණය සමග පැවති 6%ක වෙනස ඔබාමා පිළිබඳව කැමැති අකමැති ප‍්‍රමාණ අතර වාර්තා වූ ඉහළම පරතරයද වේ. 
 
ගැලප් සමීක්‍ෂණ ආයතනය විසින් පල කර ඇති සංඛ්‍යාලේඛනද  අනුව ඔබාමාට කැමති පිරිස 40%ක් වන විටදී 54%ක්ම අකමැති බව පවසා ඇත.
 
දේශපාලන විචාරකයන් පවසා ඇත්තේ ඔබාමාගේ ජනපි‍්‍රයත්වය පහත වැටීම සෙනෙට් මණ්ඩලයේ බලය සඳහා තීරණාත්මක වන ප‍්‍රාන්තයන් රැසක ජය පරාජය සඳහා තීරණාත්මත ලෙස බලපානු ඇති බවයි. 
 
ඇමරිකානු මධ්‍යවාර මැතිවරණය සෙනෙට් මණ්ඩලයේ ආසන 36ක් සඳහා නියෝජිතයන් පත්කිරීමට නියමිතය. මේ වන විට සෙනෙටයේ ආසන 100කින් 53ක් දිනාගත් ඩිමොක‍්‍රටික් පක්‍ෂය එහි බලය හොබවන අතර ඡන්දය පැවැත්වෙන ආසන වල 21ක බලය ඩිමොක‍්‍රටික්වරුන්ට හා 15ක රිපබ්ලිකන්වරුට හිමිව තිබේ. 

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us