ෆොන්සේකාට දැන් රටින් පිටවෙන්න පුළුවන්

Published in පුවත්
Wednesday, 05 November 2014 14:35

ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකාට රටින් පිටවීම තහනම් කර ලබාදී තිබූ නියෝගය ඉවත් කිරීමට කොළඹ මහාධිකරණය අද(05) තීරණය කළේය.

ඒ සරත් ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවය.

ජනාධිපතිවරණ සමයේදී යුද හමුදා සෙබලූන් 10 දෙනෙකු රාජ්‍ය පාක්ෂිකභාවයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවට ෆොන්සේකාට එරෙහිව ගොනුකර තිබූ නඩුව අද මහාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් හමුවේ කැඳවනු ලැබුවේය.

යුද හමුදා මූලස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයේදී තුවාල ලැබූ තම සේවාදායකයාට තවදුරටත් ප‍්‍රතිකාර ගැනීම සඳහා සිංගප්පූරු රෝහලකට යාමේ අවශ්‍යතාවය පවතින බව සරත් ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා පවසා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරිය මේ මස 20 වැනිදා තෙක් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාට සහ ඔහුගේ ලේකම් සේනක හරිප්‍රිය සිල්වාට මසක කාලයක් ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට යෑමට අද අවසර දුන්නාය.

මෙම නඩුව යළිත් පෙබරවාරි මස 17 වැනිදා කැඳවනු ඇත.

Last modified on Wednesday, 05 November 2014 15:21

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us