සැකකරු, මාංචු පිටින් දඬුගම් ඔයට පැනලා !!

Published in පුවත්
Monday, 07 July 2014 08:12

පාදුක්‌ක පොලිස්‌ අත්අඩංගුවේ සිටි මාංචු දැමූ සැකකරුවෙක්‌ 05 දා, දහවල් 12.30 ට පමණ ජාඇල දඬුගම් ඔයට පැන පලා යැමට උත්සාහ කරන විට ජලයට පැන්න පොලිස්‌ නිලධාරියා ඇතුළු තවත් අයකුට පහර දී ජලයේ නොපෙනී ගිය පුවතක්‌ ජාඇල දඬුගම බණ්‌ඩාරවෙල පාර ප්‍රදේශයෙන් වාර්තා විය.

කෙසේවුවද, දඬුගම් ඔයට පැන්න සැකකරුගේ මළ සිරුර මේ වනවිට සොයා ගෙන ඇත. පොලීසිය පැවසුවේ, දඩුගම් ඔයේ කළ සෝදිසියකදී අදාළ මළ සිරුර සොයාගත් බව ය.

මෙම සැකකරු හලාවත ප්‍රදේශයේ පදිංචි සුසන්ත නමැති අයකු බව පැවසේ.

පොලිසිය පරිදි සිද්ධිය මෙසේය.

මෙම සැකකරු මීට මාස කීපයකට පෙර පාදුක්‌ක ප්‍රදේශයේ ලැගුම් හලක කාමරයක්‌ ගෙන නවාතැන් ලබා සිටින අතරතුර එහි සේවකයන්ගේ ජංගම දුරකථන විදේශ ගමන් බලපත්‍ර හා රෙදි ඇතුළු භාණ්‌ඩ කීපයක්‌ සොරාගෙන පලාගොස්‌ තිබී ඇත.

ලැබුණු තොරතුරකට අනුව පාදුක්‌ක පොලිස්‌ ස්‌ථානයේ සේවය කරන පොලිස්‌ කොස්‌තාපල් මහතකු එම ලැගුම් හලේ හිමිකරුවා සමග වෑන් රථයක පැමිණ මෙම සැකකරුව සීදූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

පසුව සොරාගත් භාණ්‌ඩ දෙන ලෙස පවසමින් මෙම සැකකරු පොලිස්‌ කොස්‌තාපල් මහතා ඇතුළු පිරිසට එම භාණ්‌ඩ තබා ඇතැයි පවසා දඬුගම ඔය අසල බණ්‌ඩාරවෙල මාර්ගයේ ඇති පාළු නිවසකට පිරිස සමග පැමිණ ඇත.

එම නිවස සෝදිසි කළ ද එම නිවස වසර දෙකක පමණ කාලයක්‌ වසා දැමූ නිවසක්‌ හෙයින් නැවත සැකකරුව රැගෙන යැමට සැරසෙන විට අත්අඩංගුවෙන් මිදී දඬුගම් ඔයට පැන පලා යැමට උත්සාහ කරන විට වෑන් රථයේ පැමිණි අයෙක්‌ ඔයට පැන ඔහු අල්ලා ගැනීමට උත්සහ කළද සැකකරු පොරබැද ඔහුව වළක්‌වා ඔය මැදට පීනා ගොස්‌ ඇත.

සැකකරුගේ අත් දෙක ඉදිරිපසට කර මාංචු දමා තිබූ හෙයින් ඔහු අල්ලා ගැනීමට ඔය මැද ආසන්නයටම ගිය පොලිස්‌ කොස්‌තාපල්වරයාටද මාංචු දැමූ අත් දෙකින් පපුව ප්‍රදේශයට පහර දීමෙන් පසු කොස්‌තාපල් ද පසුබැස නැවත ගොඩට පැමිණ ඇත.

පසුව මෙම සැකකරු ඔය මැදට ගොස්‌ ජලයේ නොපෙනී ගොස් ඇත.

අදාළ පොලිස් නිලධාරියා මේ වනවිට රාගම රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටීයි.

Last modified on Monday, 07 July 2014 08:44

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us