එම විශ්ව විද්‍යාලයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය ප්‍රනීත් අභයසුන්දර මහතා සඳහන් කළේ සිසුන්ට පනවා ඇති පන්ති තහනම් කිරීම් ඇතුළු සියලු දඩුවම් මෙම මස 03 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කරන බවයි.
එම සිසුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ බලවත් ඉල්ලීම් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ.
සිසුන්ට පනවා තිබු පන්ති තහනම් කිරීම් ඇතුළු දඬුවම් හේතුවෙන් ඔවුන්ගේ දෙමව්පියන් මෙන්ම පවුල්වල සාමාජිකයින්ද මානසික සහ ශාරීරික පීඩාවන්ට ලක්ව සිටියහ.
මේ සම්බන්ධයෙන් අවධානය යොමුකළ මෙම තීරණය ගත් බව ආචාර්ය ප්‍රනීත් අභයසුන්දර මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.