ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ලිංගික අල්ලස් චෝදනාව විභාග කිරීමට විශ්‍රාමලත් විනිසුරුවරියකගේ ප්‍රධානත්වයෙන් ස්වාධීන කමිටුවක් පත්කර අදාළ චෝදනාව පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා වෙත දන්වා තිබේ.
අදාළ සිද්ධිය ක්‍රීඩාවේ අනාගතයට මෙන්ම රටේ කීර්ති නාමයටද බරපතළ ගැටළුවක් විය හැකි බැවින් මෙම පියවර ගෙන ඇත.
මෙම සිද්ධිය සොයා බැලීම සඳහා පත්කෙරෙන විශ්‍රාමලත් විනිසුරුවරියකගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන ස්වාධීන කමිටුවක් මඟින් ලබාදෙන වාර්තාව මත පදනම්ව අවශ්‍ය පියවර ගැනීම සඳහා කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා තිබේ.