මීරියබැද්ද ප්‍රශ්නය සමස්ථ පාලන ක‍්‍රමයේම ප‍්‍රශ්නයක්

Published in පුවත්
Friday, 31 October 2014 12:57

ධනපතියෙක් හෝ ආයෝජකයෙක් ඉඩමක් ගැනීමට පැමිණි විට හෙලිකොප්ටරයෙන්, රජයේ වියදමෙන් ඔවුන් රැුගෙන ගොස් ඉල්ලන ඕනෑම ඉඩමක් දෙන පාලකයින් දුප්පත් ජනතාව සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ කොහේ හෝ මුල්ලකට ඇද දැමීමේ ප‍්‍රතිපත්තියක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.


එම පක්ෂයේ මධ්‍යම කාරක සභික දුමින්ද නාගමුව අද (31) රාජගිරියේ පැවති මාධ්‍ය හමුවකදී පවසා සිටියේ මෙම ප‍්‍රශ්නය පරිපාලන නිලධාරීන්ගේ හෝ මීරියබැද්ද ජනතාවගේ හෝ දේශපාලනඥයන් කිහිප දෙනෙකුගේ හුදකලා ප‍්‍රශ්නයක් නොව සමස්ථ පාලන ක‍්‍රමයේම ප‍්‍රශ්නයක් බවයි.


වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය.


‘‘මීරියබැද්ද නායයාමට පෙර 2005 වසරේදීත් ඉන් පසුව 2011 වසරේදීත් අනතුරු ඇගවීම් කර තිබූ නමුත් ඒ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පියවර ගන්න ආසමත් වීමේ ප‍්‍රතිඵලය තමයි මේ ඛේදවාචකය. නිලධාරීන් කියනවා ඉඩම් දුන්නා, ජනතාව ගියෙ නෑ කියලා. ජනතාව කියනවා. සමහරුන්ට ඉඩම් ලැබුනේ නෑ. තවත් සමහරුන්ට ඉඩම් ලැබුණත් ඒවායේ පදිංචියට යන්න පහසුකම් නෑ කියලා. ඉඩමක් දෙනවා කියලා කොහේ හරි මුල්ලක් පෙන්නුවාට වැඩක් නෑ. නිවසක් හදාගන්නේ කොහොමද? එතන සිට රැුකියාවට යන්න පුළුවන්ද? දරුවන් පාසල් යවන්න පුළුවන්ද? මේ වගේ ප‍්‍රශ්න තියෙනවා. මීට කලින් ආණ්ඩුව සුනාමි අනතුර කියලා වෙරළබඩ ධීවර ජනතාව ඉවත් කරනන හැදුවා. නාගරික පීඩිතයන්ව නිවෙස්වලින් එලවා දමනවා. සාම්පූර්වල ඉඩම් පැහැරගෙන ඒ ජනතාව අනාත කදවුරුවල.


මෙගා ෆෝන් එකෙන් කෑ ගහලා නායයන්න ඉඩ තියෙනවා මෙතනින් යන්න කීවට එහෙම තැනින් තැනට ගෙනියන්න මිනිස්සු කියන්නේ ගඩොල් ගොඩවල් නෙමෙයි. මෙවැනි ආපදා අවධානමක් නිසා පදිංචි තැනින් ඉවත් කරන්න වෙනවා නම් ඒ ගැන ඒ ජනතාව සමග සාකච්චා කළ යුතුයි. තමන්ගේ ජීවිත ගැන තීරණ ගන්න පරපාධිපත්‍ය බලය ජනතාව සතුවිය යුතුයි කියලා අපි කියන්නේ ඒ නිසයි. දැන් ඒ බලය ජනතාවට නෑ.
ධනපතියන්ට ඉඩම් දෙනකොට නම් ඉල්ලන ඉඩම දෙනවා. රජයේ වියදමෙන් හෙලිකොප්ටරායන් අරං ගිහින් ඉඩම් පෙන්නනවා. ජේමිස් පැකර්ට ඉඩම් දුන්නේ එහෙම. ශැංගිලා සමාගම හමුදා මූලස්ථානයේ ඉඩම ඉල්ලූවම හමුදා මූලස්ථානය ඉවත්කරලා ඒ ඉඩම දුන්නා. නමුත් පීඩිත ජනතාවගෙන් ගන්න කැමති තැන අහන්නේ නෑ. අනෙක් අවශ්‍යතා ගැන අහන්නේ නෑ. දේශපාලන නිලධාරීන් හවුලකින් අත්තනොමතික තීරණ ගන්නවා. එක්කෝ මීරියබැද්දෙදි වගේ ‘කිව්වේ නෑ’ කියලා මිනිස්සුන්ට බනිනවා. නැතිනම් වනාත මුල්ලෙදි වගේ බලහත්කාරයෙන් එලවනවා.


මේ ව්‍යයසනයන්ට මූලික හේතුව ඊනියා සංවර්ධනය නිසා පරිසරයට සිදුකර ඇති හානිය. මේ ඊනියා සංවර්ධනය නිසා රටේ ඉන්න තැනක් නෑ. යන්න තැනකුත් නෑ. උතුරු මැද පළාතේ හා වෙනත් කෘෂිකාර්මික ප‍්‍රදේශවල ජලය වස වෙලා. දැන් ඒ ප‍්‍රදේශවල ඉන්න බෑ. සුනාමි නිසා වෙරළබඩ තීරයෙත් ඉන්න බැරිලූ. දැන් නාය යන නිසා මධ්‍යම කදුකරයෙනුත් යන්නලූ. මේ ක‍්‍රමය නිසා ඉන්න තැනක් නැති වෙලා. හැමතැනම අවධානමේ. සංවර්ධනය ගැන ආර්ථිකය ගැන තමන් පදිංචි වෙන තැන ගැන තීරණ ගැනීමේ බලය ඒ කියන්නේ පරමාධිපත්‍යෙය් බලය ජනතාවට ලබාදීම හැර මේ ප‍්‍රශ්නවලට වෙන විසදුම් නෑ.


මේක තනි තනි අයගේ වැරැද්දට වඩා මුළු ක‍්‍රමයේම වැරැුද්ද පෙන්වන උදාහරණයක්. අනාත වූ දරුවන්ව බලගන්නවා වගේ කතා කියලා ඇත්ත වගඋත්තර කරුවන්ට හැංගෙන්න දෙන්න බෑ. ව්‍යයසනයක් වුණාම ඒකෙන් දේශපාලන වාසි ගන්න එපා කියලා ව්‍යයසන පිටුපස තිබෙන දේශපාලන හේතු හඟවන ආණ්ඩුවේ උත්සාහයත්, මේ ව්‍යයසනය හුදු ආණ්ඩු විරෝධයකට ලඝු කිරීමට විපක්ෂයේ ඇතැම් පක්ෂ දරන උත්සාහයත් පරදවා පරිසර විනාශයෙන් තොර ආර්ථිකයක්, තමන් පිළිබඳ තීන්දු ගැනීමේ බලය ජනතාවට හිමිවන සැබෑ ප‍්‍රජාත්න්ත‍්‍රවාදී ක‍්‍රමයක් වෙනුවෙන් අපි සටන් වදිනවා.’’

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us