උතුරට යන පිට රට්ටුන්ට දාපු තහංචි ටික

Published in පුවත්
Friday, 31 October 2014 11:56

උතුරු පළාතේ සංචාරය කරන විදේශිකයින්ට ඒ සඳහා වන පූර්ව අනුමැතිය ලබා ගැනීමේ අයදුම්පත්, ෆැක්ස් සහ විද්‍යුත් තැපෑල මගින් ආරක්ෂක අමාත්‍යංශය වෙත යොමු කළ හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. 

+94112328109 යන ෆැක්ස් අංකය සහ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට එම අයදුම්පත් යොමු කළ හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. 

යාපනය, කිළිනොච්චිය, මුලතිව් දිස්ත්‍රික්ක මන්නාරම දිස්ත්‍රික්කයේ වෙඩිතලතිවු ප්‍රදේශයෙන් උතුරට වු ප්‍රදේශය සහ වව්නියාව දිස්ත්‍රික්කයේ ඕමන්තෙයි වලින් උතුරට වු ප්‍රදේශ කරා ගමන් කරන විදේශිකයන්ට පූර්ව අනුමැතියක් ලබා ගත යුතුය. 



අයදුම්පත්‍රයට සම්පූර්ණ නම, විදේශ ගමන් බලපත්‍ර අංකය, සංචාරයේ ආරම්භක දිනය සහ යළි පැමීණීමට නියමිත දිනය, සංචාරයට හේතුව සහ ගමන් ගන්නේ පුද්ගලික වාහනයකින්ද නැතහොත් වෙනත් ක්‍රමයකින්ද යන්න ඇතුළත් කළ යුතු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. 

පුද්ගලික වාහනයකින් ගමන් කරන්නේ නම් එහි ලියාපදිංචි අංකය, රියදුරුගේ නම ඇතුළු තොරතුරු ඉදිරිපත් කළ යුතුය. 

අදාළ ප්‍රදේශවල මේ වන විට ක්‍රියාත්මක ව්‍යපෘතියකට හෝ ආයෝජන කටයුත්තකට පිටත්ව යන්නේ නම් අදාළ නියෝජිත ආයතන හරහා එම අයදුම්පත් යොමු කළ යුතු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. 

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ආරක්ෂක අමාත්‍යංශයේ www.defence.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us