මාලබේ වෙද කඩේ අනතුර ගැන වෛද්‍ය සභාව දැනුවත් කරයි

Published in පුවත්
Friday, 31 October 2014 11:41

මාලබේ වෛද්‍ය උපාධි ආයතනය සම්බන්ධයෙන් හා වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව දැනුවත් කිරීම සඳහා සංදේශයක් භාර දීම පසුගිය(29) වැනිදා වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණයට එරෙහි පොදු සංවිධාන එකමුතුව මගින් සිදු කෙරිණි. සමස්ත ලංකා වෛද්‍ය නිලධාරී සංගමයේ මූලිකත්වයෙන්විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයජාතික විද්වත් වෘත්තික සංසදයසමස්ත ලංකා හෙද සංගමයසමස්ත ලංකා සුවසේවා සංගමයලංකා ගුරු සේවා සංගමයසමස්ත ලංකා ආයුර්වේද වෛද්‍ය නිලධාරී සංගමයසමාජවාදී ශිෂ්‍ය සංගමය ඇතුළු වෘත්තීය සමිති ගණනාවක් හා ශිෂ්‍ය සංවිධානවල එකමුතුවෙන් මෙම පොදු සංවිධාන එකමුතුව ගොඩනගා ඇති බව වෛද්‍ය ජයන්ත බණ්ඩාර පවසයි.

 

2008 වසරේ සිට ක‍්‍රියාත්මක වන උක්ත පෞද්ගලික ආයතනයේ පෞද්ගලික වෛද්‍ය උපාධි පාඨමාලවක් පවත්වාගෙන යන බවත් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක් නොමග යවමින්දේශපාලන බලය හා කොමිස් මුදල් මතින් ඊට සුජාතභාවයක් ලබාදීමේ පටු අරමුණු සහිතව දේශපාලඥයින් හා නිලධාරීන් කටයුතු කරන බවත් මෙම තත්වය පරාජය කිරීමට රටේ ජනතාව හා ඒකාබද්ධ වී ක‍්‍රියාමාර්ග ගත යුතු මොහොත එළඹී ඇති බවත් මෙහිදී වෛද්‍ය ජයන්ත බණ්ඩාර පැවසීය.

 

මෙම අවස්ථාවට විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් නිර්මාල් රංජිත් දේවසිරිඑහි සභාපති චන්‍ද්‍රගුප්ත තේනුවරජාතික විද්වත් වෘත්තික සංසදයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි,  ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහසමස්ත ලංකා හෙද සංගමයේ ප‍්‍රධාන ලේකම් ගාමිණී කුමාරසිංහ ඇතුළු වෘත්තීය සමිති නායකයින් හා ශිෂ්‍ය සංවිධාන නායකයින් රැසක් සහභාගී විය.

Last modified on Friday, 31 October 2014 11:56

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us