සපුගස්කන්ද පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමකින් මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ ස්ථානයේ තිබූ කසළ තේ මෙතෙක් ගණනය කර නොමැති අතර සේවකයින් 13 දෙනා අද (31) දින මහර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග ලබාදී පොලිස් ඇප මත මුදා හැර ඇති අතර කළමණාකරු අද දින මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.