මෙය සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රි 9.00ට ජාතික රූපවාහිනියේ විකාශය වීමට නියමිතව ඇත.
අනුරාධපුර, ගල්ගමුව ඇහැටුවැව ආශ්‍රිතව නිර්මාණය කරන මෙම ටෙලි නාට්‍යයේ අන්තර්ගතවී ඇත්තේ, සූරියකන්ද සිදුවීම් සහ අසූ අට අසූ නවය යන කාලසීමාවල් වලදී සිදුවූ අපරාධ ගැන කතාය.
මෙම ‘ධවල කඳුළු‘ ටෙලි නාට්‍ය සදහා මුදල් යොදවන්නේ රෝෂාන් මද්දුමගේ මහතාය. රෝෂාන් මද්දුමගේ යනු සේවකයන්ට පඩි ගෙවා ගැනීමටවත් නොහැකි ලෙස බංකොලොත් වූ රජයේ සළුසල ආයතනයේ සභාපතිවරයා ය.
මෙම චිත්‍රපටයේ අධ්යක්ෂවරයා වන සංජය ලීලරත්න මහතා සමාජ ආරක්ෂක මණ්ඩලයේ සාමාන්යාධිකාරිවරයාවේ.