කොස්ලන්ද නායයාම පිළිබද යුද හමුදා නිල නිවේදන පරස්පරයි

Published in පුවත්
Thursday, 30 October 2014 09:35

කොස්ලන්ද මිරියබැද්ද කන්දේ නාය යාමෙන් සිය ගණනක් පණ පිටින් පස් වලට යට වී මිය ගිය අතර යුද හමුදාව විසින් සොයා ගත් මළ සිරුරු වලින් 5 කට යළි පණ ඇවිත් තිබීමේ අපූරු පුවතක් වාර්තා වේ.

මෙම වාර්තාව ගෙන එන්නේ යුද හමුදාව විසින්ම ය. 

අනතුරින් පසු යුද හමුදා මාධ්‍ය අංශය විසින් ඊයේ (29) සවස 3.40 ට ඉංගිරිසියෙන් නිකුත් කළ නිල නිවේදනයේ සඳහන් වන්නේ සවස 3 වන විට මළ සිරුරු 9 ක් සොයා ගත් බවයි. 

ඉන්පසුව රාත්‍රී 12 .50 ට එම නිවේදනයම ඉංග්‍රීසි සහ සිංහල බසින් දෙකෙන්ම නිකුත් කර ඇති අතර එහි භාෂා දෙකින්ම සඳහන් වන්නේ සවස 3 වන විට මළ සිරුරු 4 ක් සොයා ගත් බවයි. 


එනම් සවස 3.40 සිට රාත්‍රී 12.50 අතර කාලයේදී මළ සිරුරු ලෙස සොයා ගත් 5 දෙනෙකුට යලි පණ ඇවිත් ඇති බව විය යුතුය. මන්ද යත් පසු නිවේදනය මගින් පෙර නිවේදනය නිවැරදි කර නැති නිසාය.


ආපදා අච්චාරු දමන ඇමති :


මෙම ස්ථානයේ කී දෙනෙක් පදිංචිව සිටියාද යන්න ගැන ඊයේ රාත්‍රී දක්වා ආපදා කළමනාකාර මධ්‍යස්ථානයට කිසිදු නිශ්චිත අදහසක් නැත

ආපදා කළමණාකරණ ඇමැතිවරයා එක් රූපවාහිනී නාලිකාවකට පදිංචිකරුවන් නිශ්චිතව කිව නොහැකි යයි සජීවීව කියන අතර අතුරුදහන් වූ පිරිස ගැන 100 ක් යැයි කියයි. 

ඒ සමගම සජිවී ව තවත් රූපවාහිනී නාලිකාවකට අතුරුදහන් පිරිස 150 ක් යැයි කියයි. 330 ක් වත්තේ සිටි බව ද කියයි.

 සත්‍ය වශයෙන්ම එය ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයක්ද ආපදා අච්චාරු දමන මධ්‍යස්ථානයක්ද යන්න ගැටළුවකි. 


ආපදා ඇමැති එසේ කියද්දී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා  කියන්නේ අතුරුදහන් සංඛ්‍යාව 19 ක් තරමේ සුළු සංඛ්‍යාවක් බවයි.


ලක්ෂ 5ක සොච්චමක් :



මෙහි ඇති ලැජ්ජා සහගත ක්‍රියාව නම් ආපදාව වෙනුවෙන් ආණ්ඩුව ලබා දුන් මුදල රුපියල් ලක්ෂ 5 ක් තරම් සොච්චමක් බව ඇමැතිවරයාම පැවසීමයි. 


ඇමැතිගේ ගණන් අනුවම 330 ක් ආපදාවට ලක්වූයේ නම් එක් අයෙක් වෙනුවෙන් වෙන්කර ඇත්තේ රුපියල් 1500 කි. මොවුන් මේ පළාතේම පසුගියදා ඡන්ද හිඟා කෑමට නම් මුදලින් රුපියල් 2500 ක් අතටම දුන්නේය.


දුෂ්ඨ ක්‍රියාවක් :


ආපදාවකදී ආණ්ඩුව කිසිදු වගකීමකින් නොහැසිරෙන බවට ඇති අනෙක් උදාහරණය නම් බේරා ගැනීමේ ක්‍රියාන්විතය ඊයේ  සවස නතර කර දමා යළි අද  උදයේ ආරම්භ කිරීමයි. පස්වලට යට වූ මිනිසුන් දින 5-6 ජීවත් වී හමුවී ඇති බවට ලෝකයේ ඕනෑ තරම් සිද්ධි වාර්තා වී තිබියදී රැයක් එලිවන තුරු සෙවීම් අත්හිටුවීම කෙතරම් දුෂ්ඨ ක්‍රියාවක්ද? 


ඊට හේතුවක් ලෙස ඇමැතිවරයා කියන්නේ තවත් නාය යාමක් ඇති වී බේරා ගැනීමේ සිටින අයද අනතුරට පත් විය හැකි බවයි. බේරා ගැනීමේ මෙහෙයුම් වල යෙදෙන්නෝ එසේ යෙදිය යුත්තේම නිසැකවම අනතුර ගැන අවබෝධයකින් යුතුව බව ඇමැතිවරයා නොදන්නවා විය යුතුය. 


මාධ්‍ය හැසිරීම නින්දිතයි 


මෙතරම් ව්‍යයසනයක් වාර්තා කිරීමේදී ලංකාවේ මාධ්‍ය හැසිරීමද නින්දිත ය. එක්තරා  නාලිකාව ව්‍යයසනය වාර්තා කිරීමේදී පළමු තැන දී තිබුනේ ඔවුන් හෙළිකොප්ටරයකින් ගොස් පහළ රූප රාමු ටිකක් පටිගත කිරීමට ය. තමන් අඩි 8000 ක් උඩ සිටින බව උජාරුවෙන් කියන වාර්තා කරුවා ඉන්පසුව මැදිරියට විත් තමන්ගේ ගුවන් ගමන ගැන ඒ හා සමාන තවත් කාලයක් කා දැම්මේය. 


කෙසේ වෙතත් මෙම ස්ථානය 2005 දී සහ 2011 දී අනතුරුදායක ස්ථානයක් බව දැන දැනත් අසරණ ජනතාව එහි සිටීමට සලස්වා මිය යෑමට ඉඩදීමෙන් ආණ්ඩුවට ඇති වගකීමෙන් ගැලවී යා නොහැක.

(මූලාශ්‍රය - ලංකා ඊ නිව්ස්)

Last modified on Thursday, 30 October 2014 10:48

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us