ව්‍යවස්ථා සංශෝධන වලට බැසිල් එකඟවේ Featured

Published in පුවත්
Thursday, 30 October 2014 09:31

පිවිතුරු හෙටක්' සංවිධානයේ නායක හා ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් විසින් ඉදිරිපත් කල 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් එකඟත්වය පළකර ඇති අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, එම යෝජනා ඉටුකරන බවට මහින්ද මහතාගේ මෙවර ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුලත් කිරීමට පොරොන්දුවී ඇති බව වාර්තාවේ.

පුජ්‍ය අතුරලියේ රතන හිමියන් හා හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා පසුගිය සඳුදා (27) පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ දී අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවී සාකච්ජා කල අවස්ථාවේදී මෙම පොරොන්දුව ලබාදී ඇත.


මෙම සාකච්ජාවේදී එම ව්‍යවස්ථා කෙටුම්පත අගය කර ඇති ඇමතිවරයා, ජනාධිපතිවරණයට පෙර ජනාධිපති ක්‍රමය හා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර කටයුතු කරන බව දැනුම්දී තිබේ.


තමන් වහන්සේ විසින් ඉදීරිපත් කරන ලද ව්‍යවස්ථා කෙටුම්පත ගැඹුරින් අධ්‍යනය කර තිබීම ගැන රතන හිමියන් මෙහිදී බැසිල් ඇමතිවරයාට ස්තුතිය පළකර ඇත.

කෙසේවුවද, බිබිසි සංදේශය වෙත අදහස් දැක්වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ, ජනාධිපතිවරණයට පෙර ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒවිද යන්න සැක සහිත බව පැවසුහ.

නමුත්, ඉහලම බලපෑමක් යොදවා ව්‍යවස්ථා සංශෝධනය සිදු කරවා ගැනීමට තමන් උත්සාහ දරන බවද උන්වහන්සේ තවදුරටත් ප්‍රකාශ කළහ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us