තවදුරටත් නායයාම්-බේරා ගැනීමේ මෙහෙයුම් වලටත් බාධා

Published in පුවත්
Wednesday, 29 October 2014 11:24

නායයාමට ලක් වූ බදුල්ල,හල්දුම්මුල්ල, මීරියබැද්ද ගම්මානයේ ලයින් කාමරවල සිටි පුද්ගලයන් දෙදෙනෙකුගේ සිරුරු මේ වනවිට සොයා ගෙන ඇත.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ප‍්‍රකාශ කළේ තවදුරටත් නායයාම් සිදුවන නිසා බේරා ගැනීමේ මෙහෙයුම්වලට දැඩි බාධා මතුව ඇති බවයි.

බදුල්ලේ වතු නිවාස පෙළක් නාය යෑමෙන් 200ක් පීඩාවට පත්ව අැත.

අද(29) උදෑසන 07.00ට පමණ බදුල්ල , හල්දුම්මුල්ල , කොටබත්ම, මීරියබැද්ද ගම්මානයේ සිදු වූ නාය යෑමකින් වතු නිවාස 70කට ආසන්න ප්‍රමාණයක් මඩ සහිත පස්වලින් යටවී අැත.

මේ හේතුවෙන් පුද්ගලයින් 200ක් පමණ පීඩාවට පත්ව සිටික බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (මාධ්‍ය) සරත් ලාල් කුමාර මහතා පවසා සිටියේය.

එසේම මෙම ස්ථානය තවමත් නාය යෑමට ලක්වෙමින් පවතින බවද වාර්තා වේ.

විපතට පත්වූවන් මුදා ගැනීම සඳහා පොලිසිය, යුද හමුදාව ඇතුළු සහන සේවකයින් මේවන විට කටයුතු කරමින් සිටියි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us