විකිරණ ශිල්පීහු හෙට වර්ජනයක

Published in පුවත්
Wednesday, 29 October 2014 10:53
සේවා ගැටලු 3 ක්‌ මුල් කර ගෙන රජයේ රෝහල් විකිරණ ශිල්පීන් (රජයේ විකිරණ විද්‍යා තාක්‌ෂණවේදීන්) හෙට (30 දා) දීප ව්‍යාප්ත එක්‌ දින සංකේත වැඩ වර්ජනයක නිරත වන බව රජයේ විකිරණ විද්‍යා තාක්‌ෂණවේදීන්ගේ සංගමය පවසයි.
වර්ජනය සඳහා රජයේ විකිරණ ශිල්පීන් 550 ක්‌ පමණ දෙනා සහභාගි වීමට නියමිතය.
 
හෙට උදෑසන 8 සිට අනිද්දා (31 දා) උදෑසන 8 දක්‌වා ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩවර්ජනය හේතුවෙන් දිවයින පුරා රජයේ රෝහල්වල සිදු කෙරෙන සියලු සැලසුම් කළ එක්‌ස්‌ කිරණ සි.ටී. ස්‌කෑන්, එම්. ආර්. අයි. ඇතුළු විකිරණ පරීක්‌ෂණ වර්ජන කාල සීමාව තුළ සිදු නොකෙරෙන බව එම සංගමය කියයි. අදාළ කාල සීමාව තුළ එම ජීවිතාරක්‌ෂණ පරීක්‌ෂණයන් පමණක්‌ සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බව විකිරණ විද්‍යා තාක්‌ෂණවේදීන්ගේ සංගමයේ ලේකම් ධර්මකීර්ති ඈපා මහතා  පවසයි.
 
වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට සම්බන්ධ වූ වෘත්තිය සමිති නායකයන්ට එරෙහිව විනය පරීක්‌ෂණ පැවැත්වීම, වසර 50 කින් යාවත් කාලීන නොකළ හා යල් පැන ගිය ඩිප්ලෝමා පාඨමාලාව තවදුරටත් පවත්වාගෙන යැම, වසර 2011 සිට පැවැති සාකච්ඡාවලදී ඇති කර ගත් එකඟතාවන් ඉටුකිරීම පැහැර හැරීම යන ගැටලු මුල්කර ගෙන මෙම වර්ජනය ක්‍රියාත්මකය.
 
අද (29 දා) සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග මෙම ගැටලු පිළිබඳ සාකච්ඡාවක්‌ ද පැවැත්ෙව්.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us