වෘත්තීය සුදුසුකම් හෑල්ලු කරන්න එපා

Published in පුවත්
Wednesday, 29 October 2014 10:28
මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ 2015 අයවැයෙන් වෘත්තීයමය සුදුසුකම් සහිත රාජ්‍ය නිලධාරින් සඳහා ගෙවීමට යෝජනා කර ඇති රු. 15000/= ක දීමනාව එවැනි සුදුසුකම් සහිත සියලු රාජ්‍ය නිලධාරින්ට ගෙවිය යුතු බවට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
ඒමගින් ඔවුන් විමසා සිටින්ෙන් 
 
''අයවැය යෝජනා (අංක 57.2)අනුව මෙම ‘‘වෘත්තීය දීමනාව’’ ලබාදීමට සූදානම් වනුයේ සීමිත රාජ්‍ය නිලධාරින් පිරිසකට බව පෙනී යන මුත් වසර 20 ක් සේවය කළ ගුරුවරයා හා විදුහල්පති වරයාත් වෘත්තීය සුදුසුකම් සහිත රාජ්‍ය නිලධාරියෙකු නොවේද? එමෙන්ම වසර 20 ක් සේවය කළ හෙද නිලධාරින්, කාර්මික සේවාවේ නිලධාරින්, පරිපූරකවෛද්‍ය සේවාවේ නිලධාරින්, දුම්රිය සේවයේ නිලධාරින්, කළමනාකාර සේවාවේ නිලධාරින් ඇතුළු අනෙකුත් සේවාවල වසර 20 ක් සේවය කළ නිලධාරින් වෘත්තීය සුදුසුකම් සහිත රාජ්‍ය නිලධාරින් නොවේද'' යනුවෙනි.
 
වෘත්තීය සුදුසුකම් සහිත විශාල පිරිසක් පසෙකලා ‘‘වෘත්තීය දීමනාව’’ ගෙවීමට කටයුතු කිරීම ඔවුන්ගේ වෘත්තීය සුදුසුකම් හෑල්ලුට ලක් කිරීමක් බවත් ‘‘වෘත්තීය දීමනාව’’ වසර 20 ක් ඉක්මවූ සේවාවක් ඇති වෘත්තීමය සුදුසුකම් සහිත සියලු රාජ්‍ය නිලධාරින්ට ගෙවිය යුතු බවත්  ඔවුහු අවධාරණය කරති.

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us