සම සමාජය දෙකඩ වේ !

Published in පුවත්
Tuesday, 28 October 2014 09:29

ජනාධිපතිවරණයකට නොගොස් ඉන් පෙර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන මෙන් ඉල්ලා සිටි ලංකා සම සමාජ පක්ෂයේ නායකත්වය පසුගිය  ඉරිදා හදිසියේම එම පිළිවෙතෙන් බැහැර වීම පක්ෂය දෙකඩ වීමේ තත්වයක් කරා වර්ධනය වෙමින් පවතී.

ඉරිදා පැවැත්වුන සම සමාජ මධ්‍ය කාරක සභා රැස්වීමේ දී මීළඟ ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූර අපේක්ෂකයාට සහයෝගය දිය යුතු බවට නායකත්වය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත කර ගත අතර, ඉන් අනතුරුව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් අතර මත ගැටුමක් ආරම්භ වී තිබේ.

පක්ෂ අභ්‍යන්තරයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් රැසක විරෝධය නොතකා නායකත්වය විසින් එම යෝජනාව සම්මත කර ගනු ලැබුණ බව, ලංකා සම සමාජ පක්ෂයේ දේශපාලන මණඩල සභික නීතිඥ ලාල් විජේනායක බීබීසියට ප්‍රකාශ කළේය.


ජ්‍යෙෂ්ඨයන්ගේ විරෝධය නොතකා



'' ඉරිදා න්‍යාය පත්‍රයට එවැනි සැලැස්මක් ඇතුළත් වුණේ නැහැ. ඒත් පක්ෂ නායක මහාචාර්ය තිස්ස විතාරණ ගේ අවශ්‍යතාව අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහයෝගය දීමේ යෝජනාවක් ඉදිරිපත් කරලා අපේ විරෝධතාවය නොතකා කඩිමුඩියේම එය සම්මත කර ගත්තා’ නීතිඥ ලාල් විජේනායක පවසයි.


එම ක්‍රියාමාර්ගය සම සමාජ පක්ෂය විධායක ජනාධිපති ආණ්ඩුක්‍රමය සම්බන්ධයෙන් දරන ස්ථාවරයට මෙන් ම පක්ෂයේ ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිපත්තියට ද පටහැණි බව පෙන්වා දුන් නීතිඥ ලාල් විජේනායක, එවැනි පියවරක් ගනු ලැබුණේ ‘පිටස්තර බලපෑමකට යට වීමෙන්ය’ යන්න තම විශ්වාසය බවත් අවධාරණය කරයි.

පක්ෂ සම්මේලනයක් කැඳවනු ලැබීමෙන් තොරව ගනු ලැබුණ ඉහත කී පියවර සම සමාජ සම්ප්‍රදාය උල්ලංඝනය කිරීමක් බව කියා සිටි නීතිඥ ලාල් විජේනායක පක්ෂ නායකත්වය කවර තීන්දුවක් ගනු ලැබ ඇතත් ඉදිරි ජනාධිපතිවරණයක දී විධායක ජනාධිපති ආණ්ඩුක්‍රමය අහෝසි කිරීමට ප්‍රතිඥා දෙන පොදු අපේක්ෂකයකුට තම කණ්ඩායමේ සහයෝගය ලැබෙන බව  සඳහන් කළේය.

සම සමාජ ව්‍යාපාරයේ අති බහුතර සාමාජිකත්වය තම මතයේ සිටින බවත් නීතිඥ ලාල් විජේනායක කියා සිටියේය. 


නායකත්වයේ අපේක්ෂා



උද්ගත වී ඇති තත්වය සම්බන්ධයෙන් බීබීසිය සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණගෙන් විමසීමක් කළ විට ඔහු කියා සිටියේ පක්ෂ මධ්‍යම කාරක සභාවේ බහුතර ඡන්දයෙන් එකී යෝජනාව සම්මත කර ගත් බවයි.

තව දුරටත් අදහස් පැහැදිලි කළ ඇමතිවරයා,මෙම තත්වය හමුවේ පක්ෂය දෙකඩ නොවනු ඇතැයි බලාපොරොත්තු තබන බවත් විධායක ජනාධිපති ආණ්ඩු ක්‍රමය පිළිබඳව පක්ෂයේ ස්ථාවරය ජනාධිපතිවරයාට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයාට ලිඛිතව ඉදිරිපත් කර ඇති අතර ඉදිරි කාලයෙහි ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අවස්ථාවක් තමන්ට ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු තබන බවත් කියා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us