ගුරුන් 2,40,000කට හිඟ පඩි ප්‍රශ්නයක්‌

Published in පුවත්
Tuesday, 28 October 2014 09:37

මේ වනවිට නිකුත් කර ඇති නව ගුරු සේවා ව්‍යවස්‌ථාවට අනුව ගුරුවරුන් දෙලක්‍ෂ හතළිස්‌ දහසකගේ වසර තුනක හිඟ වැටුප් අහිමි කර ඇතැයි ගුරුවරු පවසති.

ගුරුවරුන්ගේ උසස්‌වීම් හා හිඟ වැටුප් 2008 වසරේ ජුලි පළමු වැනිදා සිට ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිල වශයෙන් ප්‍රකාශ කළ නමුත් අලුත්ම ගැසට්‌ නිවේදනයට අනුව හිඟ වැටුප් හිමිවන්නේ 2011 වසරේ නොවැම්බර් මාසයේ සිටය.

එමෙන්ම ගුරුවරුන්ගේ හිඟ වැටුප් ලබාදීම සඳහා රුපියල් කෝටි හාරදහසක පමණ මුදලක්‌ අවශ්‍ය වන නමුත් මෙවර අයවැයෙන් ඒ සඳහා මුදල් වෙන්කර නැති බවද වාර්තාවේ.

ගුරුවරුන් දෙලක්‍ෂ හතළිස්‌ දහසකට පමණ නව ව්‍යවස්‌ථාවෙන් සහන සැලසෙන බව ජනාධිපතිවරයා අයවැය කතාවේදී ප්‍රකාශ කළ නමුත් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිල ප්‍රකාශයට අනුව සහන සැලසෙන්නේ ගුරුවරුන් දෙලක්‍ෂ විසිහත් දහසකට පමණි.

ගුරුවරුන්ගේ හිඟ වැටුප් ලබාදීම සඳහා රුපියල් කෝටි හාරදහසක පමණ මුදලක්‌ අවශ්‍ය වන තත්ත්වයකදී මෙවර අයවැයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේම සියලු කටයුතු සඳහා වෙන් කර ඇත්තේ රුපියල් කෝටි හාරදහස්‌ දෙසියකි. අධ්‍යාපන සේවා අමාත්‍යාංශයට රුපියල් කෝටි හත්සියයකි.

මෙම කරුණු අනාවරණය වූයේ ගුරු හා විදුහල්පති වෘත්තීය සංගම් කිහිපයක සහභාගිත්වයෙන් කොළඹ ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩලයේ ඊයේ (27 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදීය.

එම සංගම් එකමුතුව වෙනුවෙන් අදහස්‌ දැක්‌වූ මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ අයවැය කතාවෙන් ඉදිරිපත් කළ කරුණු හා අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරන කරුණු අතර බරපතළ පරස්‌පරතා පවතින බවය. එහෙයින් ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට සහන ලබාදීම සම්බන්ධයෙන් දැඩි සැකයක්‌ මතුව ඇතැයිද ඒ මහතා කීවේය.

ජනාධිපතිවරයා 2010 වසරේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සති තුනකට පෙර චක්‍රලේඛයක්‌ නිකුත් කරමින් ගුරු හා විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කළ බව ප්‍රකාශ කළ නමුත් කිසිදු සහනයක්‌ නොලැබුණු බවද මෙවරද ජනාධිපතිවරණය ආසන්නයේ ගුරුවරුන් හා විදුහල්පතිවරුන් රැවටීමකට ලක්‌කර ඇතැයි යන සැකය මතුවන බවත් හෙතෙම කීවේය.

(දිවයින)

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us