මෙහිදී රනිල් වික්රම සිංහ මහතා කාන්තා අයිතිවාසිකම් පිළිබදව අදහස් දක්වමින් කියා සිටියේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 'ගෙදර බුදුන් අම්මා' කිවූවාට රටේ පවතින කාන්තා දූෂණ අඩු නොවූ බවයි.ඔහු වැඩි දුරටත් මෙසේ ද පැවසුවේය.
'දූෂකයන්ට දඩුවම් ලබා නොදී දූෂකයාව බදින්න කියනවා. දූෂකයා බැදල නම් මොකද කරන්නේ.'
52 % ක් කාන්තාවන් සිටින රටක කාන්තා අයිතිවාසිකම් නොමැති වීම කණගාටුදායක තත්වයක් බවත් මෙම තත්වය නැති කිරීම උදෙසා විධායක ජනාධිපති ක්රමය අතුගාදැමිය යුතු බවත් විපක්ෂනායක වරයා සදහන් කළේය.