'ජනබලය ගොඩනගන්නේ අපි' - රනිල්

Published in පුවත්
Sunday, 06 July 2014 09:42

ජන බලය ගොඩනැගිය හැකි එකම සංවිධානය එක්සත් ජාතික පක්ෂය බව පවසන විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා, ආණ්ඩුවට, ජනතාවට සහන දීමට නොහැකි බව අවධාරණය කර සිටියි.

විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන ‘‘ගමෙන් ගමට’’ වැඩසටහනේ පළමු අදියරට කෑගල්ල - රුවන්වැල්ලේදී ඊයේ (05) එක්වෙමිනි.

එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් ඊයේ තල්දූව, දෙහිඕවිට, රුවන්වැල්ල ඇතුළු ප්‍රදේශවල පක්ෂ ප්‍රවර්ධන කටයුතු වල නිරත වූහ.

රනිල් වික්‍රමසිංහ මහතා පළමුව තල්දූව පොළ භූමියට ගොස් එහි සිටි වෙළඳුන් ඇතුළු ජනතාව සමඟ අදහස් හුවමාරු කර ගත්තේය.

අනතුරුව රුවන්වැල්ලේ පැවති ඡන්ද පොළ සංවිධායකවරු සහ ක්‍රියාකාරී හමුවකට ද රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස සහභාගී වූහ.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා එහිදී මෙසේ පැවසීය.

"අපි අද යන්න තියෙන්නේ ඡන්දයකට. අපි අද යන්න තියෙන්නේ අපේ සටන ඉදිරියට ගෙනියන්න. මෙතන තියෙන්නේ ගෙයින් ගෙට යන සටනක්. තුවක්කු අරගෙන නෙවෙයි උණ්ඩ එක්ක නෙවෙයි ඡන්දෙට. ආරම්භය ගත්තේ රුවන්වැල්ලෙන්. 2015දී අපි තීරණය කළා ඡන්දයක් දෙන් නැත්නම් අපි පාරට බැහැල අපි ඡන්දයක් ගන්න ඕන. ජාතික ඡන්දයක් තියෙනවා නම් ජාතික ඡන්දයක් අපි ලබාගන්න ඕන ඒ වෙලාවේ පාර්ලිමේන්තු ඡන්දයක් නම් අපි පාර්ලගිමේන්තු අපේක්ෂකයෙක් නම් කරනවා. ජනාධිපතිවරයෙක් නම් එජාපයේ ජනාධිපති අපේක්ෂකයා නම් කරනවා. අපි මේ වෙලාවේ ජනතාව වෙනුවෙන් ඉදිරියට එන්න ඕන."

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us