ජයලලිතා ජයරාම් නායකත්වය ලබාදෙන ඒ ඞී එම් කේ පක්‍ෂයේ 43 වන සංවත්සරය අදට යෙදී ඇත.ඒ බැවින් ඇයට ඇප හිමිවනු ඇති බවට ඇයගේ ආධාරකරුවන් විශ්වාසය තබා ඇත.
සිය පළමු ධූර කාලයේදී අයථා ලෙස ඉන්දීය රුපියල් කෝටි 66 කට අධික මුදලක් වංචා කිරීම හේතුවෙන් ජයලලිතා ජයරාම්ට වසර 4 ක සිරදඩුවමක් නියම කෙරුණි.
ඇයට හිමි වූ දඩය ඉන්දීය රුපියල් කෝටි සියයකි.
පසුව ජයලලිතා ජයරාම්ට ඇප ලබාගැනීම සදහා කර්ණාටක මහාධිකරණයට ඉදිරිපත් කළ ඇප අයදුම ප‍්‍රතික්‍ෂේපවීම හේතුවෙන් ඇය තවදුරටත් බන්ධනාගාරගතව පසුවේ.