ජනාධිපතිවරණය නිසා පාප් වහන්සේගේ පැමිණීම අවිනිශ්චිතයි

Published in පුවත්
Friday, 17 October 2014 10:33
අතිඋතුම් පළමුවැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව අවසාන තීරණය ගැනීමට වතිකානුවේ සිට පාප් වහන්සේගේ නියෝජිත කණ්ඩායමක් නොවැම්බර් 27 වැනිදා පැමිණීමට නියමිතය.
නොවැම්බර් 27 වැනිදා වතිකානුවේ සිට මෙරටට පැමිණෙන පාප් වහන්සේගේ නියෝජිත කණ්ඩායමේ සංචාරය සිදුවන කාලය තුළදී ජනවාරි මාසයේ පළමු සතියේදී මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කර තිබුණහොත් ජනවාරි  13 වැනිදා සිදුවීමට නියමිත පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කිරීමට එම කණ්ඩායම තීරණය කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවට  කතෝලික පූජකවරු සඳහන් කරති.
 
මෙලෙස පැමිණෙන කණ්ඩායම ජනවාරි මාසයට නියමිත රජයේ මැතිවරණ කාර්යයන් වැනි  ශ්‍රී ලංකාව තුළ සැලසුම්ව පවතින තීරණාත්මක වාතාවරණය හා ඊට අදාළ තත්ත්වය සහ එතැන් පටන් මාසයක කාලයක් තුළ රටේ පවතින තත්ත්වය පිළිබඳව රජයෙන් තොරතුරු විමසීමට නියමිත බව වාර්තා වේ.
 
 යම් ලෙසකින් එම කණ්ඩායම  ශ්‍රී ලංකාවේ සංචාරයට පැමිණෙන කාලය තුළදී මැතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබුණහොත් රජයේ මතය විමසීමක් නොකරම සංචාරය අවලංගු කිරීමට වතිකානුව තීරණයකට පැමිණිය හැකි බවට අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
 
 පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය සිදුවන කාලයේදී කිසිදු මැතිවරණයක් නොපවත්වන ලෙස මෙරට පූජකවරුන්ගේ  ඉල්ලීම් කරයි.
 
 යම් ලෙසකින් ජනවාරි 08 වැනිදා මැතිවරණයක් පැවැත්වුවහොත් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය අනිවාර්යෙන්ම අවලංගු වී යන බවත්, මේ නිසා ශ්‍රී ලංකාවාසී කතෝලික ජනතාවට සහ ශ්‍රී ලංකාවාසීන්ට අතිඋතුම් පාප් වහන්සේ දැක බලාගැනීම සහ ආශිර්වාදය ලබාගැනීමේ දුර්ලභ අවස්ථාව අහිමි වී යන බවද කතෝලික පූජකතුමන්ලාගේ මතය වී තිබේ.
 කෙසේ වෙතත් මේවන විට ජනවාරි 08 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වීමට දින නියමව ඇති බවට ද වාර්තා වේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us