අයවැයට වංචනික ක්‍රම වේදයක්

Published in පුවත්
Friday, 17 October 2014 09:56

අයවැය පරතරය අඩු කිරීම සඳහා වංචනික ක්‍රම වේදයක් අනුගමනය කරන බවට එක්සත් ජාතික පක්ෂය රජයට චෝදනාවක් එල්ල කරයි.

එසේම අමාත්‍යංශ ගණනාවක විදේශ ණය යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති ගණනාවක් සඳහා වැය වන වියදම් අය වැයෙන් ඉවත් කිරීමට සැලසුම් කරන බවටත් තමන්ට තොරතුරු ලැබී ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

ණය ලබා ගන්නේ නම් ඒවා පිළිබඳව පාර්ලිමේන්තුවට අනාවරණය කොට විනිවිද භාවයකින් යුතුව කටයුතු කළ යුතු බව ඔහු පැවසිය.


ව්‍යවස්ථා විරෝධීයි

ව්‍යවස්ථා විරෝධී අයවැයක් ඉදිරිපත් නොකරන ලෙසට තම පක්ෂය ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා තවදුරටත් ප්‍රකාශ කළේය. 

රජයේ සේවකයන්ගේ වැටුප් අවම වශයෙන් රුපියල් දස දහසකින් වැඩි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ පිළිගැනීම බවත් එසේ කළ යුතු බවට අමුතුවෙන් හේතු දැක්වීමට අවශ්‍ය නැති බවත් ඔහු පැවසුවේය.

ජීවන බර වැඩි වීම ගැන තර්ක විතර්ක ඉදිරිපත් කිරීමට අවශ්‍ය නැති බව හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. 

(බිබිසි සංදේශය)

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us