දැරියන්ට 'හදි කල' දේවගැතියා අත් අඩංගුවට !

Published in පුවත්
Thursday, 16 October 2014 14:36

බාල වයස්කාර දැරිවියන් දෙදෙනෙකුව දේවස්ථානයක් තුළදී දුෂණය කළ බව කියන දේවගැතිවරයෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 

එසේ, අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත - පම්බල ප්‍රදේශයේ දේවස්ථානයක් පවත්වා ගෙන ගිය 31 හැවිරිදි විවාහක අයෙකුවය. ඔහු මාදම්පේ - ඉරට්ටකුලම පදිංචිකරුවෙකි.

අතවරයට පත්ව ඇති එක් දැරිවියක් මේ වනවිට 19 වැනි වියේ පසුවේ. නාත්තන්ඩිය - වීරහේන ප්‍රදේශයේ පදිංචිකාරියක වන ඇය අතවරයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 15 දී බව කියයි. 

දෙවියන් වෙනුවෙන් කන්‍යා භාවය පුජා කළ යුතු යැයි පවසා සැකකාර දේවගැතිවරයා දේවස්ථානය තුළදී තමන්ව මුල් වරට දුෂණය කළ බවත්, ඉන් පසුව අවස්ථා කීපයදීම ඔහු තමන්ට අතවර කළ බවත් ඇය පොලීසියට කර ඇති පැමිණිල්ලේ සදහන් වේ.

මහවැව ප්‍රදේශයේ පදිංචිවී සිටින තවත් දැරිවියක් සැකකරු විසින් දුෂණය කර ඇත. දැනට 15 වැනි වියේ පසුවන ඇය දුෂණයට ලක්ව ඇත්තේ මීට වසර 02 කට පෙරදීය.

අතවරයට පත්ව ඇති දැරිවියන් දෙදෙනා තමන්ට සිදුවී ඇති අපරාධයන් සම්බන්ධයෙන් හලාවත  පොලීසියට පැමිණ පැමිණිලි කර ඇත. 


එම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශණය කිරීම සදහා පොලීසිය සැකකරු රැදී සිටින බව කියන දේවස්ථානයට ගොස් ඇති අතර එහිදී දැක ඇත්තේ සැකකාර දේවගැතිවරයා කිසියම් රෝගී තත්ත්වයකින් පෙළෙන බවය. ඒ අනුව වහාම ඔහුව හලාවත මහා රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබේ. 

තමන් විසින් කරන ලද අපරාධ හෙලි වීමෙන් පසුව සැකකරු කිසියම් විෂ වර්ගයක් පානය කරන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය පැවසී ය.

මෙම සැකකරු විසින් තවත් දැරිවියන් කීප දෙනෙකු හා දේවස්ථානයට පැමිනෙන කාන්තාවන් කීප දෙනෙකු දුෂණය කර ඇති බවට තොරතුරු ලැබී ඇතත් ඒ සම්බන්ධ පැමිණිලි නොමැති බව පොලීසිය සඳහන් කරයි.

සැකකරු හලාවත මහා රෝහලේ 04 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබ අතර අතවරයට පත්වූ බව කියන දැරිවියන් දෙදෙනා එම රෝහලේදීම 09 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටී.

හලාවත පොලීසියේ අපරාධ විමර්ශණ අංශය වැඩි දුර පරීක්ෂණ කරගෙන යයි.

(ජුඩ් සමන්ත)

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us