'රනිල්ගෙ ඇඟේ මයිල් නෑ' - ඇමති විමල්

Published in පුවත්
Thursday, 16 October 2014 14:30

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා,  උඩු රැවුලක් නැති,  මුළු ඇඟේ ම මයිල් ගහක් නැති, ටයි කෝට් දාන, හායි බායි කියලා කාත කරන, මේ රටේ ජන අනන්‍යතාවය නොතේරෙන අයකු බව ඉදිකිරීම් ඉංජිනේරුසේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. 

ඒ මහතා මේ අදහස් පළ කළේ, රුපියල් මිලියන 13.5 ක වියදමින් පූර්ණ ප්‍රතිසංස්කරණය කරන ලද කොළඹ 12, අළුත්කඩේ අබ්දුල් හමීඩ් මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිණි. 

එහිදී ඔහු මෙසේ පැවසිය. 


'' මම දැක්කා අකිල විරාජ් කියන රනිල් වික්‍රමසිංහ මහත්තයගේ කුළුපගු ගෝලයා කියලා තිබුණා දැන් මේ රට පාලනය කරන්නේ  ගමේ බයියෙක් කියලා. එයාට අනුව අර කොළඹ කුල්ටූර් පැලැන්තියෙ ජාතික ඇඳුම අදින්නෙත් නැති කෙනෙක් තමයි ජනාධිපතිතුමා වෙන්න ඕන.


 උඩු රැවුලක් නැති. මුළු මූණෙම මයිල් ගහක් නැති. මුළු මූණෙම නෙමෙයි මම හිතන්නේ ඇගේ කොහේවත් නැති. ටයි කෝට් දාන, හායි බායි කියලා කාත කරන. මේ රටේ ජන අනන්‍යතාවය නොතේරෙන, ඒක කාවදාවත් ඇඟට ජීරණය නොවිච්ච, කෙනෙක් තමයි ඒ අය කියන විදිහට ජනාධිපති විය යුත්තේ. 

මම කලිනුත් කියලා තියෙනවා ලන්සි පැපොල් මොඩලයේ නායකයෙක් තමයි ඔවුන් හොයන්නේ. 


 ඔබගේ ප්‍රශ්නය ඒ ජාතියේ නායකයෙකුට කිව්වානම් ඔහු දුක අසයිද? එයා නිකං මඤ්ඤං වෙයි නේද? ටෙරිබල් කියලා කියන එකක් නැද්ද? ඉහළ පැලැන්තියෙ නායකයන්ට මේ සාමාන්‍ය දුක්විදින ජනතාවගේ දුක දැනෙන්නේ නැහැ. ඒ නිසානෙ එයාලට යුද්ධය කරන්න ධෛර්යක් නැතිවුණෙ.


 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට තිබුණා ඔවුන්ට නොතිබුණු ධෛර්යක්. ඒකට හේතුව  ඉහළ කුල්ටූර් පැලැන්තියෙන් හැදෙන බබාලට අභියෝගයකට මුහුණදීලා ඒවා ජයගන්න හැකියාවක් නැහැ. 


අභියෝග නිර්භීතව බාරගෙන ඒවා සාර්ථකව ජයගැනීම ඔවුන්ගේ ජීවිතය ඇතුළෙම පුරුද්දක් නැහැ. නැති ඒවා දෙන්න බැහැ. 


වික්‍රමසිංහ මහත්තයගෙ ඇඟ දිහා බැලුවහම ඒක පේනවා. ඒත් එක්තරා කුල්ටූර් පැලැන්තියක් අතට මේ රටේ සුක්කානම ඔවුන් හදනවා. ඒ නිසා තමයි අතිගරු ජනාධිපතිතුමාට ගමේ බයියෙක් කියලා සරදම් කරන්නේ.''

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us