තර්ජන ගර්ජන මැද මාධ්‍ය වැඩමුළුව සාර්ථකයි

Published in පුවත්
Thursday, 16 October 2014 14:01

දූෂණ, වංචා සහ ගවේෂණාත්මක මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමට කොළඹ තිඹිරිගස්යායේ ජානකි හෝටලයකදී ඊයේ (15 ) පෙරවරුවේ සංවිධානය කළ වැඩමුළුවකට එරෙහිව නිර්නාමික ලිපි සහ දුරකථන තර්ජන හමුවේ වෙනත් ස්‌ථානයක පැවැත්වීමට සිදුවිය

මෙම වැඩමුළුව පැවැත්වීමට ඉඩ ලබා දුන්නොත් ඊට නියමිත වූ හෝටලය කුඩු කර දමන බවට පෙරේදා රාත්‍රියේ සිට එම හෝටලයට දුරකථන තර්ජන එල්ල වී තිබු  අතර ඊයේ පෙරවරුවේ යතුරු පැදියකින් ආ පුද්ගලයෙක්‌ තර්ජනාත්මක ලිපියක්‌ හෝටල බලධාරීන්ට ලබා දී ඇත. 


එම නිසා අදාළ හෝටලයේ එම වැඩමුළුව නොපවත්වන ලෙස හෝටල බලධාරීන් වැඩමුළුව සංවිධානය කළ ට්‍රාන්ස්‌පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයටද බලපෑම් කර තිබිණ.


වෙනත් හෝටලයකට


ඊයේ උදැසන  මාධ්‍යවේදීන් විශාල පිරිසක්‌ එම හෝටලයට පැමිණි අතර ඔවුන් වෙනත් වාහන මගින් ආරක්‍ෂා සහිතව කොළඹ නගරයේ වෙනත් හෝටලයකට රැගෙන ගොස්‌ අදාළ වැඩමුළුව පැවැත්වීමට සංවිධායකයෝ කටයුතු කළහ.

රටේ සිදුවන දූෂණ හා වංචා පිළිබඳව ගවේෂණාත්මක මාධ්‍ය භාවිතය කළ යුතු අයුරු සම්බන්ධයෙන් මෙම වැඩමුළුව පැවැත්විණි. 

'රාවය' පුවත්පතේ කර්තෘ වික්‌ටර් අයිවන්, දකුණු ආසියානු නිදහස්‌ මාධ්‍ය සංසදයේ හිටපු සභාපති ලක්‍ෂ්මන් ගුණසේකර, නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර, විදේශීය මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති අමල් ජයසිංහ, ට්‍රාන්ස්‌පේරන්සි ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ එස්‌. රනුග්ගේ සහ සන්නිවේදන අධ්‍යක්‍ෂ ශාන් විඡේතුංග යන මහත්වරු ඇතුළු විශාල පිරිසක්‌ මෙම වැඩමුළුවට එක්‌ව සිටියහ. 


වැඩමුළුව පවත්වාගෙන යන අතරේ ද මාධ්‍යවේදීන්ගේ සහ සංවිධායකයන්ගේ දුරකථනවලට තර්ජනාත්මක ඇමතුම් සහ කෙටි පණිවිඩ ලැබිණි.


වැඩේ අතාරින්නෙ නැහැ :


කෙසේවුවද, ආරක්ෂක අංශවලට සම්බන්ධ කණ්ඩායම් වැඩසටහන කඩාකප්පල් කිරීමට කොපමණ උත්සාහ කළත් මෙම වැඩසටහන සාර්ථකව පවත්වා අවසන් කිරීමට සංවිධායකයනට හැකිවූ බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සුනිල් ජයසේකර මහතා සඳහන් කළේය.

කොපමණ තර්ජන එල්ල්වුවත් ඉදිරියේදීත් මෙවැනි වැඩසටහන් පවත්වන බවද සුනිල් ජයසේකර මහතා  කියා සිටියේය.


ආණ්ඩුව ලැජ්ජා වෙන්න ඕනේ:



වැඩසටහනට සහභාගි නොවන ලෙස පවසමින් තමන්ටත් කෙටි පණිවිඩයක් ලැබුණු බව වැඩසටහනේ ප්‍රධානත්වය දැරූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා පැවසීය

"හරිම අශීලාචාර තත්වයක්. මගේ දුරකථනයටත් ඇවිල්ලා තියෙනවා කෙටි පණිවිඩයක් ආවොත් මරණවා කියලා," යනුවෙන් ඔහු සඳහන් කළේය.

"මේවා සාමාන්‍යයෙන් සිදුවෙන්න බෑනේ?. මේක සංවිධානාත්මක බුද්ධි අංශය කළ වැඩක්, ආණ්ඩුව ලැජ්ජා වෙන්න ඕනේ."

මාධ්‍යවේදීන්ට තමන්ගේ දැනුම වැඩිදියුණු කිරීමට තිබෙන අයිතියට බාධා කිරීමට ආණ්ඩුව දරන උත්සාහය අශීලාචාර ක්‍රියාවක් බවද වික්ටර් අයිවන් පැවසීය.

"මේවා කරන්න නෙමෙයි මිනිස්සු ආණ්ඩු පත්කරන්නේ. 


පැමිණිල්ලක් ලැබුනහොත් පමණයි :



ජනමාධ්‍යවේදීන්ට මරණ තර්ජන කළ බවට රජයේ බුද්ධි අංශවලට එල්ල වන චෝදනා පිළිබඳව විමසූ විට පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ කියා මහතා සිටියේ, ඒ පිළිබඳව පැමිණිල්ලක් ලැබුනහොත් පරීක්ෂණ ආරම්භ කරන බවයි.

එහෙත් මේ පිළිබඳව පොලිස්පතිවරයාට ඍජුවම පැමිණිලි කළ බව, වැඩසටහන සංවිධානය කළ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසයි. 

 DSC0275

 DSC0282

 DSC0296

 DSC0300

 DSC0302

 DSC0307

 

 

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us