අගවිනිසුරු ගෙන් පොලිසියට යස පාඩමක්‌ ! Featured

Published in පුවත්
Thursday, 16 October 2014 13:52

වරදක්‌ කළැයි කියන තරුණයකු පොලිසියට බාර වෙන තෙක්‌ 28 හැවිරිදි එක්‌ දරු මවක වන ඔහුගේ සොහොයුරිය පැය දෙකක්‌ අත්අඩංගුවේ රඳවා ගැනීමෙන් ඇයට සිදුකළ අනිසි හිරිහැරයට සහ අවමානයට වන්දියක්‌ වශයෙන් ඇයට රුපියල් ලක්‍ෂ 1 1/2 බැගින් ලක්‍ෂ තුනක වන්දියක්‌ ගෙවන ලෙස කොට්‌ටාව පොලිසියේ වැඩ බලන ස්‌ථානාධිපති සහ එම පොලිසියේම තවත් නිලධාරියකුට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝග කළේය.

වහාම එම නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කර, ඔවුන් කළ වැරදි ක්‍රියාව ගැන විනය පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට ඉක්‌මනින් පියවර ගන්නා ලෙසද පොලිස්‌පතිටද නියෝගයක්‌ නිකුත් කෙරිණි.

පොලිසියටම පාඩමක් :

රටේ ජනතාවට අනවශ්‍ය හිරිහැර තාඩන පීඩන වලට භාජන නොවී පාඩුවේ ජීවත් වීමට ඉඩ තිබිය යුතු බවත් මෙම දඬුවම නියම කරන්නේ ඒ පොලිස්‌ නිලධාරීන් දෙදෙනාට පමණක්‌ නොව නීතිය අතට ගෙන අහිංසක මිනිසුන්ට හිරිහැර කරනු ලබන අනිත් පොලිස්‌ නිලධාරීන්ටද පාඩමක්‌ ඉගෙන ගැනීමට බවත් ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වූ මූලික අයිතිවාසිකම් නඩුවක තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අගවිනිසුරු මොහාන් පීරිස්‌ මහතා සඳහන් කළේය.

කොට්‌ටාව පොලිස්‌ ඒකකයේ වැඩබලන ස්‌ථානාධිපති උපුල් සහ එම පොලිසියේම සංවර්ධන සහකාර නිලධාරියෙක්‌ වශයෙන් සේවයේ අනුයුක්‌තව සිටින මාලඹේ පාර කොට්‌ටාව පන්නිපිටිය පදිංචි කොලොන් මුහන්දිරන් ගේ සිසිර මෙසේ වන්දි ගෙවීමට නියම වූ නිලධාරීන් දෙදෙනා වෙති.

කොස්‌වත්ත ගලපොත පාර පදිංචි ලක්‍ෂිකා දිලානි කුලතුංග මහත්මිය මෙහි පැමිණිලිකාරියයි.

මෙම නඩුවේ දෙවැනි විත්තිකරු වන උපපොලිස්‌ පරීක්‍ෂක උපුල් සහ 01 වෙනි විත්තිකරු සංවර්ධන නිලධාරී සිසිර ඊයේ උසාවියට පැමිණ සිටි අතර අගවිනිසුරුවරයා ඉහත කී වන්දිය නියම කළේ ඒ දෙදෙනාම ඉදිරියට කැඳවා සිදුකර තිබූ වරදේ බරපතළකම වටහා දීමෙන් අනතුරුවයි.


සමච්චල් කරලා :


එම සිද්ධිය මෙසේය.

මෙම පෙත්සම්කාරියගේ සොහොයුරෙක්‌ එක්‌තරා තරුණියකට අනවශ්‍ය දුරකථන ඇමතුම් දෙන බවට පොලිසියට පැමිණිල්ලක්‌ ලැබී ඇත. ඔහුට පොලිසියේ පෙනී සිටින ලෙස දන්වා ඇතත් ඔහු පොලිසියට පැමිණ නැත. ඉන් පසුව එම තරුණයාගේ සොහොයුරිය පොලිසියට කැඳවා සහෝදරයා ගැන කරුණු විමසමින් ඇයට සමච්චල් කර ඇත.

ඇයගේ සොහොයුරු ගැවසෙන ස්‌ථාන ගැන ඇගෙන් ප්‍රශ්න කර ඇත. පොලිස්‌ නිලධාරියෙකුට පැවරෙන කාර්ය භාරය සිදුකර ඇත්තේ මෙහි 01 වැනි විත්තිකරු වන සංවර්ධන සහකාර නිලධාරියායි. පොලිස්‌ ස්‌ථානාධිපති ලෙස ඔහු මෙහිදී රඟපෑමක යෙදී ඇත. පොලිසියේ රඳවාගෙන සිටි ඇය නිදහස්‌ කර ඇත්තේ මේ බව සැලවී පැය දෙකකට පමණ පසුව පොලිසියට පැමිණි නීතිඥවරයෙකි.

වගකීමෙන් මිදෙන්න බැහැ :


ඊයේ මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අගවිනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කළේ පොලිසිය වැඩ බැලූ උප පොලිස්‌ පරීක්‍ෂක උපුල්ගෙන් පැමිණිලිකාරියට කිසිදු හිරිහැරයක්‌ සිදුනොවුණත් පොලිසියේ රාජකාරින් සංවර්ධන සහකාර නිලධාරියාට පවරා ඔහු පසෙකට වී සිටීමෙන් සංවර්ධන නිලධාරියා කළ වරදට ඔහුත් ඒහා සමානව වගකිවයුතු බව සඳහන් කරමිනි.

අගවිනිසුරු මොහාන් පීරිස්‌, චන්ද්‍රා ඒකානායක, සිසිර ද ආබෲ යන ත්‍රි පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම් විභාගය පැවැත්විණි. 

අධිනීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා,  කෞෂල්‍යා පෙරේරා, උදුම්බර දිසානායක යන නීතිඥවරියන් සමඟ පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටියහ.

අධිනීතිඥ රුවන් කොඩිකාර 1 හා 2 වගඋත්තරකරුවන් වෙනුවෙන්ද ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ ලක්‌මාලි කරුණානායක මහත්මිය නීතිපති වෙනුවෙන් පෙනී සිටියාය.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us