මාලඹේ වෙද කඩෙන් ලංකාවේ වෛද්‍යවරයෙක් විමට අවසර නෑ - අති විශේෂ ගැසට් නිවේදනය තහවුරු කරයි

Published in පුවත්
Wednesday, 15 October 2014 17:20
මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ලික වෛද්‍ය උපාධි ආයතනයෙන් පිටවන කිසිදු උපාධිධරයෙකුට ලංකාවේ වෛද්‍යවරයෙක් වීමට නොහැකි බව ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවයේ වෛද්‍ය සේවා ව්‍යවස්ථා සංග්‍රහය  සම්බන්ධයෙන් එළිදක්වන  රජයේ අති විශේෂ ගැසට් පත්‍රය මගින් සනාථ කොට ඇත. 
2014 ඔක්තෝබර් 11 වන දින නිකුත් කරන ලද මෙම නිවේදනය මගින් දක්වා අති පරිදි වෛද්‍යවරුන් බදවා ගැනීමේ දී මෙතෙක් සිදුකළ බදවා ගැනීමේ පටිපාටියට අනුකූලව වෛද්‍යවරුන් බදවා ගැනීම සිදුවන බව දක්වා අැත.
 
රජය මගින් ප්‍රකාශයට පත්කළ අති විශේෂ ගැසට් නිවේදනයේදැක්වෙන 7.2. අ. 2 බදවා ගැනීම් සදහා  වන අධ්‍යාපන හා වෘත්තීය  සුදුසුකම් හා පළපුරුද්ද  මැයෙන් වන ශීර්ෂය යටතේ 
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙහි  අනුමත කරන ලද  පිළිගත් රාජ්‍ය විශ්වවිද්‍යාලයක හෝ විදේශීය  විහ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයක වෛද්‍ය උපාධිය ලැබ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පිළිගනු ලබන රෝහලක වසරක අනිවාර්යය සීමාවාසික පුහුණුව සාර්ථක ලෙස නිමකරන ලදුව වෛද්‍යවරයෙකු ලෙස සේවාව කිරීම සදහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පුර්ණ ලියාපදිංචිය ලැබූ වෛද්‍ය නිලඛාරීහු බදවා ගැනීම් සදහා සුදුසුකම් ලබති. යනුවෙන් දක්වා ඇත.
 
මේ අනුව මාලඹේ නෙවිල් ප්‍රනාන්දු විසින් පවත්වාගෙන යනු ලබන වෙද කඩය මගින් නිකුත් කරනු ලබන හෝ ඉන් අධ්‍යාපනය ලබා පිටවන එකදු සිසුවෙකුට හෝ සිසුවියකට ලංකාවේ වෛද්‍යවරයෙක් වීම සදහා සුදුසුකම් නොමැත.
 
කෙසේ නමුත් සෞඛ්‍ය අමාත්‍යංශය මෙකී ආයතනයට පසුගියදා ලිපියක් මගින්  එහි අධ්‍යාපනය හදාරණ සිසුන්ට සීමාවාසික පුහුණුව සදහා රජයේ රෝහල් වෙත අවසරය නිකුත් කරනු ලැබූවද එම සෞඛ්‍ය අමාත්‍යංශය විසින්ම නිකුත් කරනු ලබන මෙම ගැසට් නිවේදනය ප්‍රකාරව ඒ සියලු කොන්දේසි ඉවත දමා මාලඹේ පිළිගත් වෛද්‍ය උපාධි දෙනු ලබන ආයතනයක් නොවන බවට තහවුරු කොට ඇත.
 
මීට අදාළ ගැසට් නිවේදනය පහත දැක්වේ.
 
1234
Last modified on Wednesday, 15 October 2014 17:22

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us