''මමත් පාරට බහිනවා'' - රනිල් Featured

Published in පුවත්
Wednesday, 15 October 2014 14:06

වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් රැකගැනීම හා දිනාගැනීම වෙනුවෙන් ඕනෑම මෙහොතක මහපාරට බසින බව එක්සත් ජාතික පක්‍ෂ ජාතික නායක සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

එහෙයින් ඉදිරි අයවැයෙන් රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයාගේ වැටුප් වැඩි කිරීමේ වෘත්තීය සමිති අරගලයට මේ මස 21 වැනිදා ජාතික සේවක සංගමයේ සාමාජිකයන් සමග එක්සත් ජාතික පක්ෂයද මහ පාරට බසින බවත් හෙතෙම පැවැසිය.

රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකමුතුව සමග අද (15) 1 දින කොළඹ 07, ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂ නායක කාර්යාලයේ පැවැත්වූ විශේෂ සාකච්ඡාවේ දී අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා එබව සඳහන් කළේය.


භාණ්ඩ මිල පහත හෙළීම වෙනුවට ජනතාවගේ ආදායම් තත්ත්වය ඉහළ නැංවිය යුතු බවට ඔහු ආණ්ඩුවට බලකර සිටියේය.

රාජ්‍ය සේවක වැටුප රුපියල් 10,000 කින් වැඩි කර පෞද්ගලික අංශය සඳහා රුපියල් 5000 ක අයවැය සහන දීමනාවක් ලබා දෙන ලෙසට ආණ්ඩුවට බල කෙරෙන විරෝධතා ව්‍යාපාරයට තම පක්ෂයේ පුර්ණ සහය පලකරන බවද ඔහු කියා සිටියි.

අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහත හෙළීම සම්බන්ධයෙන් ද රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහිදී අදහස් දැක්විය.


ඔහු එහිදී වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

ආණ්ඩුවේ ඡන්ද ගුණ්ඩු !


ජනතාවට නියම සහනයක් ලබා දෙනවා නම් ආණ්ඩුව කළ යුත්තේ ජනතාවගේ ආදායම් වැඩි කර භාණ්ඩ සහ සේවා මිල ගණන් අඩු කිරීමයි. නමුත් ඒකාධිපති රාජපක්‍ෂ රෙජීමය මේ මොහොතේ කර තිබෙන්නේ ඉදිරි ජාතික මැතිවරණ ඉලක්ක කර ගෙන ඇතැම් භාණ්ඩ සහ සේවා මිල ගණන් අඩු කිරීමයි.


ඌව පළාත් සභා මැතිවරණයේ දී විශාල පසුබෑමකට සහ පරාජයකට ලක්වන බවට තොරතුරු හෙළි වීමෙන් පසුව ආණ්ඩුව හදිසියේම විදුලිය ගාස්තු සහ ඉන්ධන මිල අඩු කළා.


ඒ මොහොතේ සිට මේ දක්වා ආණ්ඩුව ඉදිරි ජාතික මැතිවරණ වෙනුවෙන් විවිධ භාණ්ඩවල මිල ගණන් අඩු කරමින් සිටිනවා. මේ තරම් කාලයක් විදුලිය ගාස්තු සහ තෙල් මිල අඩු නොකළ ආණ්ඩුව හදිසියේම අඩු කළ මේ මිල ගණන් කෙතරම් කාලයක් මේ අයුරින්ම පවතීවිද?


ආණ්ඩුව මේ වන විට මිල ගණන් අඩු කර තිබෙන බඩුවල ලෝක වෙළෙඳපොළ මිල ගණන් අඩු වී නොමැති අතර ආණ්ඩුව කර තිබෙන්නේ ඒ භාණ්ඩ මත මේ තරම් කාලයක් ගසා තිබූ බදු ගාස්තු ඉවත් කිරීමයි.


ජනතාවගෙන් සූරා කෑ සල්ලි :


ආණ්ඩුව සිය දූෂණ වංචා සහ අක්‍රමිකතා වෙනුවෙන් ගෙව්වේ භාණ්ඩ සහ සේවා මත පනවා තිබූ මේ බදු මගින් ජනතාවගෙන් සූරා කෑ සල්ලිවලිනුයි.


කාලයකින් පසුව අඩු කළ මේ භාණ්ඩ මිල ගණන් ආණ්ඩුව සීමිත කාලයකින් පසුව නැවත වැඩි කිරීමට සැලසුම් කර තිබෙනවා. ආණ්ඩුව හදිසියේම මේ භාණ්ඩ මිල අඩු කළේ ඉදිරි ජාතික මැතිවරණ වෙනුවෙන් ජනතාවට දෙන ගුණ්ඩුවක් ලෙස විනා ආර්ථික වශයෙන් ගත් පියවරක් ලෙස නොවෙයි.


ආණ්ඩුව භාණ්ඩ කීපයක මිල මෙසේ අඩු කළා කියා බෙහෙත්වල, භාහිර පන්ති ගාස්තුවල, ඇඳුම් පැළඳුම්වල මිල අඩු වී තිබෙනවාද?


රාජ්‍ය සේවක වැටුප රුපියල් 10,000 කින් වැඩි කර පෞද්ගලික අංශය සඳහා රුපියල් 5000 ක අයවැය සහන දීමනාවක් ලබාදිය යුතු බවට ඇතුලූ ඉල්ලීම් 17 ක් රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකමුතුව ආණ්ඩුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ ඉල්ලීම් ඉදිරිපත් කර තිබෙන්නේ ජනතාවගේ ආදායම් වැඩි කර ස්ථිර ආර්ථික සංවර්ධනයකින් භාණ්ඩ සහ සේවා මිල ගණන් අඩු කරමින් ජීවන වියදම පාලනය කිරීම සඳහායි.


භාණ්ඩ සහ සේවා මිලදී ගෙන පරිභෝජනය කළ හැක්කේ ජනතාවගේ අතේ මුදල් තිබුණොත් පමණක් වන අතර ඒ සඳහා කළ යුත්තේ ජනතාවගේ ආදායම් වැඩි කිරීමයි. භාණ්ඩ කීපයක් මත පනවා ඇති බදු ඉවත් කර ඒ භාණ්ඩ මිල ගණන් තාවකාලිකව අඩු කළා කියා ඒ අඩු කළ මිල ගණන් ස්ථාවරව නොපවතින අතර එමගින් ජනතාවගේ ආදායම් වැඩි වී ආර්ථිකය දියුණු වන්නේ ද නැහැ.


ලෝකයේ භාණ්ඩ සහ සේවා මිල ගණන් කාලයෙන් කාලයට අඩු වැඩි වන අතර රටක් ලෙස අප ඒ තත්ත්වයට මුහුණදිය යුතුයි. ඒ සඳහා අප කළ යුත්තේ ජනතාවගේ ආදායම් හැකි තරම් වැඩි කර රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමයි. කෙසේ නමුත් ජනතාවගේ ආදායම් වැඩි කිරීමට ඒකාධිපති රාජපක්‍ෂ රෙජීමය සූදානම් නැහැ.


2010 ජනාධිපතිවරණයේ දී පොරොන්දු වූ ආකාරයට ආණ්ඩුව රාජ්‍ය සේවක වැටුප රුපියල් 2500 කින් වැඩි කරමින් ජනතාවගේ ආදායම් තත්ත්වය වර්ධනය කළේ නැහැ.


ආණ්ඩුව තාවකාලිකව භාණ්ඩ කිහිපයක මිල ගණන් මෙසේ අඩු කළේ ඉදිරි ජාතික මැතිවරණ වෙනුවෙන් බව කවුරුත් දන්නවා.

යළි වැඩි කිරීමට හැකියාව තිබෙනවා :

ගැසට් නිවේදනයක් මගින් ආණ්ඩුව හදිසියේම අඩු කළ මේ භාණ්ඩවල මිල ගණන් ගැසට් නිවේදනයක් මගින්ම ඕනෑම අවස්ථාවක යළි වැඩි කිරීමට ආණ්ඩුවට හැකියාව තිබෙනවා.

ටෙලිෆොන් රී ලෝඩ් කිරීමේ සිට සියලූ භාණ්ඩ හා සේවා මිල ගණන් ආණ්ඩුව වැඩි කළේ මෙවැනි ගැසට් නිවේදන වලිනුයි.


එම නිසා ජාතික මැතිවරණයක් වෙනුවෙන් ගැසට් නිවේදන මගින් තාවකාලිකව බඩු මිල අඩු කර ලබා දී තිබෙන සහන ලබා ගෙන සියලූ සේවක වැටුප් වැඩි කරමින් ආර්ථිකය දියුණු කිරීමෙන් ස්ථිර ලෙස බඩු මිල අඩු කෙරෙන ක්‍රමයක් වෙනුවෙන් ජනතාව පෙළ ගැසිය යුතුයි.


රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකමුතුව මේ සටන් ව්‍යාපාරය ගෙන යන්නේ ජනතාවගේ ආදායම් ස්ථිර ලෙස වැඩි කිරීම සඳහායි.


එක්සත් ජාතික පක්‍ෂය සිය පූර්ණ සහයෝගය සහ දායකත්වය ලබා දෙන්නේ ජනතාවගේ ආදායම් වැඩි කරන එවැනි වැඩසටහනක් වෙනුවෙනුයි.


එසේ නම් ජනතාව ජීවත් කරවන සටන ගෙන යන්න එකට ඒකරාශී වන්නැයි සියලූ දෙනාගෙන්ම මම ඉල්ලා සිටිනවා යැයි ද රනිල් වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.

එහිදී අදහස් දැක්වූ රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකමුතුවේ සම කැදවුම්කරු සමන් රත්නප්‍රිය මහතා මෙසේ පැවසිය.


'' රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකමුතුව ලෙස අපි එක්සත් ජාතික පක්‍ෂ ජාතික නායක සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග විශේෂ සාකච්ඡාවක් සිදු කළා. එම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වූයේ රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින්ටත් සමස්තයක් ලෙස මේ රටේ ජනතාවටත් වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් මුල් කර ගනිමින් ලබන 21 වැනි දා පස්වරු 3.00 ට කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කොට තිබෙනවා.


එම විරෝධතා වැඩ සටහනට එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික නායක සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේත් ජාතික සේවක සංගමයේත් සමස්ත එක්සත් ජාතික පක්‍ෂයේත් සහය ඒ සඳහා ලබා ගැනීම වෙනුවෙන් මේ සාකච්ඡාව පැවැත් වුණා. අපට සහයෝගය ලබා දෙන බව මෙහිදී රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපට ප්‍රකාශ කළා.


මේ මොහොත වන විට රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට ජීවත්වීමට පුළුවන් ආර්ථික ශක්තියක් නැහැ. මේ වන විටත් රාජ්‍ය සේවකයින් ලබන්නේ 2006 දී ලබාගත් අවම වැටුපයි. එමෙන්ම පෞද්ගලික අංශයේ සේවකයින්ට ලැබෙන්නේ රුපියල් 9000 ක අවම වැටුපක් පමණයි. මූලික වැටුපට සොච්චම් දීමනා කිහිපයක් පමණක් එල්ලා තිබුණා.


එහෙත් 2006 න් පසුව ආණ්ඩුව ශත පහකින්වත් රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප ඉහළ දැමීමට ක්‍රියා කළේ නැහැ. එම නිසා 2006 ජනවාරි මස 01 වැනි දාට ලැබූ අවම වැටුප අනුව විශ්‍රාම යෑමට රාජ්‍ය සේවකයින්ට සිදු වී තිබෙනවා.


2006 න් පසුව ජීවන වියදම, සේවා ගාස්තු විශාල වශයෙන් ඉහළ කොස් තිබෙන අතර, එම ජීවන බර දැරීමට ජනතාවට හැකියාවක් නැහැ. 2010 ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්‍ෂක සරත් ෆොන්සේකා මහතා රුපියල් 10,000 කින් වැටුප් වැඩි කරන බවට පොරොන්දු වූ අවස්ථාවේදී රුපියල් 2500 කින් වැටුප් වැඩි කරන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පොරොන්දුවක් ලබා දුන්නා. එහෙත් මේ දක්වා ශත පහකින්වත් වැටුප් වැඩි කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේ නැහැ.


වැටුප් වැඩි නොකිරීම නිසා ජීවන වියදම ඉහළ ගොස් රාජ්‍ය සේවකයින් ප්ලේන්ටියක් දෙකට බෙදාගෙන පානය කරන කටුක තත්ත්වයකට පත් වෙලා. ජනාධිපතිවරයාගේ රුපියල් 2500 වැටුප් වැඩි කිරීමේ පොරොන්දුවත්, ජීවන වියදමත් සලකා බලා රුපියල් 10,000 ක අවම වැටුප් වැඩි කිරීමක් බලාපොරොත්තු වනවා. රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශය සඳහා එම ඉල්ලීම අදාළයි.


පෞද්ගලික අංශයට අය-වැයෙන් වැටුප් වැඩි කිරීමට කිසියම් ගැටලූවක් පවතින්නේ නම් රුපියල් 5000 ක සහන දීමනාවක් අය-වැයෙන් ලබා දෙන ලෙස අපි ඉල්ලා සිටිනවා.


එමෙන්ම අග්‍රහාර රක්‍ෂණයෙන් රුපියල් 100,000 ක පාරිතෝෂිත දීමනාවක් ද මේ දක්වා මූලික වැටුපට අදාළ නොවන දීමනා සියල්ල මූලික වැටුපට එකතු කිරීම, ධීවර, ගොවි, වතු කම්කරු ජනතාවට සහන ලබාදීම, ජීවන අංකය රුපියල් 280 ගැසට් කොට නියමිත ජීවන වියදම් දීමනාව ලබාදීම, මෑන් පවර් නැමැති වහල් සේවක ක්‍රමය අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් 17 ක් සම්බන්ධයෙන් අපි ජනාධිපතිතුමාටත්, මහා භාණ්ඩාගාරයටත්, වැටුප් කොමිෂමටත් ලබා දුන්නත් අද වනතුරුත් අපට ඒ සම්බන්ධයෙන් අපට සාකච්ඡාවක්වත් ලබා දුන්නේ නැහැ. එම නිසා මෙවර අය-වැයෙන් සිදු කරන්නේ කුමක් ද යන්න පිළිබඳ අපට බරපතල ප්‍රශ්නයක් තිබෙනවා.


එම නිසා ඔක්තෝම්බර් 21 වැනිදා අපි දැවැන්ත විරෝධතාවක් පවත්වමින් එම ඉල්ලීම් ලබා දෙන ලෙස ආණ්ඩුවට බල කරනවා. ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්‍ෂයේත් ජාතික සේවක සංගමයේත් වෙනත් දේශපාලන පක්‍ෂවලත් සහයෝගය අපි බලාපොරොත්තු වනවා.


එම විරෝධතාවට සම්බන්ධ වන ලෙස අපි සියලූම දේශපාලන පක්‍ෂවලට ආරාධනා කර තිබෙනවා. ඒ සඳහා සහයෝගය ලබා දෙමින් රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන් වෙනුවෙන් අපත් සමග විරෝධතාවට එකතු වන ලෙස නැවතත් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටිනවා යැයි ද සමන් රත්නප්‍රිය මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අවස්ථාවට ලංකා වෘත්තීය සමිති සම්මේලනය වෙනුවෙන් ඩී.ඩබ්ලිව්. සුභසිංහ, ලංකා බැංකු සේවක සංගමය වෙනුවෙන් එස්.පී. ජයරත්න, එක්සත් කම්කරු සම්මේලනය වෙනුවෙන් ධර්මසිරි ලංකාපේලි, ආණ්ඩුවේ කම්කරු සමිති සම්මේලනය වෙනුවෙන් ඩී.ඩබ්ලිව් අබේරත්න, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් සමන් රත්නප්‍රිය සහ උදේනි දිසානායක, කීර්ති රත්න, තිස්ස බණ්ඩාර ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් ද සහභාගීවී සිටියහ.

Last modified on Wednesday, 15 October 2014 14:19

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us