මෙම ශිෂ්‍යාව සිය පෙම්වතා සමඟ සිටින ඡායාරූපයක් ඇයට පෙන්වූ තරුණයන් ඇයව බියගන්වා සිය මිතුරන් සමඟ අවන්හලකට රැගෙන ගොස් දූෂණය කර ඇතැයි ද ඇය තරුණයන් සමඟ ගතකරන ආකාරය වීඩියෝගත කර ඇතැයි ද පොලිසිය කියයි.
මෙම ශිෂ්‍යාවගේ මව විදේශගත වී ඇති අතර පියා පාසල් බස් රථ රියෑදුරකු වන අතර දැරිය සිය ආච්චිගේ රැකවරණය යටතේ පසුවන බව ද පොලිසිය පවසයි.
මෙම දැරිය දූෂණය කළ තරුණයන් තිදෙනා අවුරුදු 18 හා 19 වයසේ පසුවන අතර සැකකරුවන් අතර දැරිය හා තරුණයන් එකට ගතකරන නිරුවත් ඡායාරූප ගත් තරුණයා ද ලැගුම්හල් කළමනාකරු ද නිරුවත් වීඩියෝ පට ළඟ තබාගත් තරුණයා ද ඊයේ දහවල් වන විට අත්අඩංගුවට ගෙන තිබිණි.


