ලංකාව සහ ඉන්දියාව අතර විකල්ප මුහුදු මාර්ගයක්

Published in පුවත්
Wednesday, 15 October 2014 12:14
ඉන්දියාවේ, රාම්සේතු මුහුදු ප්‍රදේශය හරහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විකල්ප මුහුදු මාර්ගයක් ඉදිකිරීමට ඉන්දියාව තීරණය කර තිබේ. 
එමගින් සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය යටතේ පෝක් සමුද්‍රසන්ධිය හරහා දෙරට අතර ඉදිකෙරෙන නාවුක ඇළ මාර්ගයේ පවතින විෂමතා මඟහරවා ගැනීමට හැකිවනු ඇති බව වාර්තා වේ. 
 
රාම්සේතු මුහුදු ප්‍රදේශය විනාශ නොවන පරිදි ඉදිකිරීමට නියමිත නව මුහුදු මාර්ගය සඳහා ඉදිරියේ දී එරට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
 
එමගින් ඉන්දියාවේ බටහිර වෙරළ තීරයේ සිට නැගෙනහිර වෙරළ තීරය දක්වා යාත්‍රා කිරීමට ගතවන කාලය සහ දුර ප්‍රමාණය අවම වනු ඇති බව සඳහන්ය. 
 
සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය මගින් එම ප්‍රදේශයේ පවතින තෝරියම් නැමැති මූලද්‍රව්‍ය විනාශ වී යාමේ අවදානමක් පවතින නිසා අදාළ ව්‍යාපෘතියට පරිසරවේදීන් විරුද්ධත්වය ප්‍රකාශ කර තිබුණි. 
 
ගොඩනැගීමට නියමිත විකල්ප මාර්ගය සඳහා කැබිනට් අනුමැතිය හිමි වු පසු සේතු සමුද්‍රම් ව්‍යාපෘතියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොණු කිරීමට ඊට විරෝධය පළකරන පිරිස් සුදානමින් පසුවන බව ද වාර්තා වේ. 
 
සේතු සමුද්‍රම් ව්‍යාපෘති හරහා තමිල්නාඩුව සහ ශ්‍රී ලංකාව අතර මුහුදු ප්‍රදේශයේ මඩ ඉවත් කරමින් මන්නාරම සහ පෝක් සමුද්‍ර සන්ධිය යාවන පරිදි මුහුදු මාර්ගයක් ගොඩනැගීමට යෝජනා වී ඇත. 
 
ඉන්දියාව හා ශ්‍රී ලංකාව වෙන්කෙරෙන පටු සමුද්‍ර තීරය නැතහොත් පෝක් සමුද්‍ර සන්ධිය හා මන්නාරම් බොක්ක අතර නොගැඹුරු මුහුදු තීරය ගැඹුරුකර නැව් ගමනාගමනය සඳහා නවතම මුහුදු ඇළ මාර්ග ව්‍යාපෘතියක් 2005-ජුනි 02 දින එවකට ඉන්දියාවේ අගමැති මන්මෝහන් සිං මහතා විසින් ආරම්භ කරන ලදී,
 
මෙම ව්‍යාපෘතිය සේතු සමුද්‍රම් ලෙස හඳුන්වයි.
Last modified on Wednesday, 15 October 2014 13:48

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us