යාල් දේවී යළි යාපනයට

Published in පුවත්
Monday, 13 October 2014 09:59

පච්චිලෙයි පලෙයි දක්වා දිවෙන යාල් දේවී දුම්රිය සුබ මොහොතින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) සිට යාපනය දක්වා ගමන් ආරම්භ කිරීමට නියමිතය.

අලුතින් ඉදිකෙරුණු යාපනය දුම්රිය ස්‌ථානය ද අද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත වනු ඇත. එය නවීන විදුලි සංඥා පද්ධතියකින් ද සමන්විත වේ.

උතුර දුම්රිය මාර්ගය තැනීම ඉන්දීය 'ඉර්කෝන්' සමාගම විසින් සිදු කරනු ලබන අතර ඉදිරියේදී කන්කසන්තුරය දක්‌වා ම මෙම දුම්රිය ධාවනය කරවීම රජයේ අරමුණ වේ.

පසුගිය යුද සමයේ යාල්දේවී දුම්රිය වවුනියාව බලා ධාවනය කෙරිණ . වසර 24කට පසුව යාල්දේවි දුම්රිය යාපනය දක්වා ගමන් කිරීමේදී යුද්ධයෙන් විනාශ වී තිබූ දුම්රිය ස්ථාන හා දුම්රිය මාර්ග සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කිරීමෙන් පසුය.

ඉන්දියානු රජයේ ඩොලර් මිලියන 183ක ණය මුදලක් දුම්රිය මාර්ගයේ ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා රජයට ලබාදී තිබුණි.

ඉන්දියාවේ ඉර්කෝන් සමාගම සමඟ පැවැති එකඟතාවය මත උතුරු දුම්රිය මාර්ගය කොටසින් කොටස ඉදි කළේය. මෙහි පළමු අදියර යාල් දේවි දුම්රිය කාන්ඩිකුලම් දුම්රිය ස්ථානය දක්වා ගමන් කෙරිණි . ඉන්පසු ඕමන්තේ දුම්රිය ස්ථානය දක්වා ගමන් ඇරඹිණ .

අද වන විට උතුරු දුම්රිය මාර්ගයේ විනාශ වී තිබූ දුම්රිය ස්ථාන නවීකරණය කර අවසන්ව ඇත.

උතුරු දුම්රිය මාර්ගයේ මංගල ගමන සිදුව ඇත්තේ 1956 අපේ‍්‍රල් 23 වනදාය. 198‍3න් පසු උතුරේ අර්බුදය උග‍්‍ර අතට පත්වීමත් සමගම කොළඹ සිට වවුනියාව දක්වා දුම්රිය ධාවනය සීමා විය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us