මුව මස් බව පෙන්වීමට කනයි කකුලයි ප්‍රදර්ශණයට තියලා.

Published in පුවත්
Monday, 13 October 2014 09:46

හම්බන්තොට සීනික්කුගල ප‍්‍රදේශයේ හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරින් පසුගිය 09 වැනි දින සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මුවමස් කිලෝ 05 කට වැඩි ප‍්‍රමාණයක් සමඟ සැකකරුවන් 02 ක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 40 හා 47 පුද්ගලයින් දෙදෙනෙක් වන අතර, ඔවුන් සීනික්කුගල හා අන්දරවැව ප‍්‍රදේශවල පදිංචිකරුවන්ය.

පසුගිය 09 දා හම්බන්තොට වනජීවී නිලධාරින් වෙත ලැබුණු තොරතුරක් මත නිවසක් සෝදිසි කිරීමේදී මෙම සැකකරුවන් විසින් පිසින ලද මුවමස් හා විකිණීමට සූදානම් කර තිබූ මුව මස් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

හම්බන්තොට ප‍්‍රදේශයේ මුවමස් සමග සුනඛමස් විකිණීමේ ජාවාරම සම්බන්ධව මාධ්‍යය හරහා දැනුවත් වීමත් සමඟම මුවමස් ජාවාරම්කරුවන්ට පාරිභෝගිකයින් සොයා ගැනීමේ අපහසුතාවයකට මුහුණ දීමට සිදුවීම නිසා ඊට විසඳුමක් ලෙස මෙම දඩයම්කරුවන් විසින් මරන ලද මුවාගේ ශරීරයේ කණක් සහ පාදයක් මුවමස් බවට ගැණුම්කරුවන්ට සනාථ කිරීම සඳහා ළග තබාගෙන සිටි බව වනජීවී නිලධාරිහු පවසති.

මින් එක් සැකකරුවෙක් මෙම ප‍්‍රදේශයේ මුවමස් ජාවාරම දිගින් දිගටම කරගෙන ගොස් ඇති පුද්ගලයෙකු බවටද තොරතුරු අනාවරණව කරගෙන ඇත.

හම්බන්තොට අඩවි ආරක්ෂක ඩබ්. එම්. ඒ. ගුණතුංග මහතාගේ උපදෙස් මත වනසත්ව නියාමක සුමතිපාල ඒකනායක, එල්.ටී. ධම්මික, එස්. සිරිවර්ධන, දිමුතු මංජුල, ගයාන් නිශාන්ත, ඩබ්. ගුණසිරි යන මහත්වරුන් විසින් මෙම වැටලීම සිදුකර ඇති අතර, අත්අඩංගුවට පත් සැකකරුවන් හම්බන්තොට මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඡායාරුප : අම්බලන්තොට - අජිත් පුෂ්පකුමාර

(හිරු නිව්ස්)

IMG 4458

IMG 4462

IMG 4468

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us