නායකයාගේ දඩය ගෝලයෝ් ගෙවයි

Published in පුවත්
Thursday, 09 October 2014 13:11
වීසා නොමැතිව රැඳී සිටීමේ චෝදනාව මත මීට වසර දෙකහමාරකට පෙර ඔස්‌ට්‍රේලියාවට පිටුවහල් කළ පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ නායක කුමාර් ගුණරත්නම් හෙවත් නොයෙල් මුදලිගේ මහතා වෙනුවෙන් එදා පැනවූ දඩය එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් දෙදෙනකු අද (09 දා) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ගෙවීමට තීරණය කර ඇත.
 එම දඩ මුදල ගෙවූ පසුව, ඔස්‌ට්‍රේලියානු පුරවැසියකු වන කුමාර් ගුණරත්නම් මහතාට යළි ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා වීසා අයදුම් කළ හැකිවනු ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ මහතා පෙන්වා දෙයි.
 
පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ මහලේකම් සේනාධීර ගුණතිලක  සහ මධ්‍යම කාරක සභික ජූඩ් ක්‍රිෂාන්ත සිල්වපුල්ලේ යන මහත්වරුන් පෙරේදා (07 දා) මෙම දඩය ගෙවීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ගොස්‌ නැවත හැරී පැමිණ ඇත. 
 
රුපියල් 39,100 ක්‌ වන මෙම දඩය ගෙවීම සඳහා ලියවිලි සූදනම් කර ගැනීමට දෙපාර්තමේන්තු නිලධාරීන්ට කාලය අවශ්‍ය නිසා එදින යළි පැමිණි බව පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශ කළේය.
 
කුමාර් ගුණරත්නම් මහතා ඔස්‌ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක්‌ මගින් 2011 සැප්තැම්බර් 4 දා නොයෙල් මුදලිගේ නමින් ශ්‍රී ලංකාවට පැමිණි අතර ඒ වනවිට ඔහු ජනතා විමුක්‌ති පෙරමුණේ සැඟවුණු නායකයකු ලෙස කටයුතු කළේය.
 
ශ්‍රී ලංකාවට පැමිණ කිරිබත්ගොඩ නිවසක රැඳී සිටි කුමාර් ගුණරත්නම් හෙවත් නොයෙල් මුදලිගේ 2012 අප්‍රේල් 06 වැනිදා පැහැරගෙන ගොස්‌ පසුව 09 වැනිදා අලුයම දෙමටගොඩ පිහිටි කොළඹ අපරාධ කොට්‌ඨාස ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දමාගොස්‌ තිබිණි. 
 
ඉන් පසු ගුණරත්නම් මහතා පොලිසියට භාර වූ අතර එම අවස්‌ථාවේ දී මෙරට ඔස්‌ට්‍රේලියානු මහ කොමසාරිස්‌ කාර්යාලයේ නිලධාරිනියක්‌ පැමිණ නොයෙල් මුදලිගේ නම සඳහන් ගුණරත්නම් මහතාගේ විදේශ ගමන් බලපත්‍රය පොලිසියට ඉදිරිපත් කළාය. ඔස්‌ට්‍රේලියානු පුරවැසියකු වන ඔහු නිදහස්‌ කර ගැනීමට අවශ්‍ය බව ඈ ප්‍රකාශ කර තිබේ. ඒ අනුව වීසා නොමැතිව මෙරට රැඳී සිටිමේ චෝදනාව මත කුමාර් ගුණරත්නම් මහතාට දඩ මුදලක්‌ නියම කර ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කළේය.
 
(දිවයින)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us