ලිංගික අතවරයට ලක්වූ ගෘහ සේවිකාව තානාපතී නිලධාරියා සඟවා ගනී

Published in පුවත්
Thursday, 09 October 2014 11:32

නිවෙස් හිමියාගේ ලිංගික අතවර විඳ දරා ගත නොහැකි වූ ලෙබනනයේ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක උඩ තට්ටුවකින් බිමට පැන තිබේ. 

නිවෙස් හිමියා ආරක්ෂා කර ගැනීමට බරපතල තුවාල ලැබූ ඇයව රෝහල් ගත කර ප්‍රතිකාර ලබා නොදී සඟවා ගෙන ප්‍රතිකාර කරන්නේ අනෙක් කිසිවෙක් නොව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේම කම්කරු නිලධාරියා බව හෙලි කරමින් වහාම සාධාරණය ඉටු කරන්නැයි ඉල්ලා එහි පදිංචි තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින් ජනාධිපති වරයා වෙත ලිපියකින් කරුණු දක්වා ඇත.

එම ලිපිය මෙසේ ප්‍රසිද්ධ කරමු..

014-10-06
දව්රා තරුණ කැළ
ලෙබනනය

අතිගරු ජනාධිපති තුමා
ජනාධිපති මන්දිරය
කොළඹ

අතිගරු ජනාධිපති තුමනි,

ලෙබනනයේ කම්කරු නිලධාරී ජමිල් මහතා අතවරයට පත් ලාංකික කාන්තාවක් තානාපති කිර්යාලයේ රහසිගතව සඟවාගෙන ගොඩ වෙදකම් කිරීම සම්බන්ධවයි

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු නිලධාරියා වශයෙන් විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුබසාධන ඇමති ඩිලාන් පෙරේරා මැතිතුමා විසින් පත් කර ඇති එතුමාගේ හිතවතෙක් වන අයි.එල්.එච්. ජමීල් මහතා විසින් කරනු ලබන ලාංකිකයින්ගෙන් සහ ලෙබනන් ජාතික රැකියා ඒජන්සිකරුවන්ගෙන් පගා ගැනීම, කාන්තාවනට ලිංගික අතවර කිරීම, මුදලට ව්‍යාජ ලේඛණ සකස් කිරීම, ලාංකික කාන්තාවන් ගණිකා මඩම්වලට විකිණීම, ලාංකිකයින්ගේ ප්‍රශ්න විසඳීමේදී හාම්පුතුන්ගේ පැත්ත ගැනීම, ගරු ඇමතිතුමා වෙනුවෙන් කියා විවිධ ආයතනවලින් මුදල් එකතු කිරිම වැනි දූෂිත කටයුතු සහ ලාංකිකයින් විසින් සංවිධානය කරනු ලැබූ සිංහල සහ දමිල අවුරුදු උත්සවය, වෙසක් උත්සවය සහ පොසොන් උත්සවය වර්ජනය කිරීම ගැන අතිගරු ජනාධිපතිතුමා දැනුවත් කෙළෙමු.

ඔහු ලෙබනනයේ වෙසෙන අන්තවාදී සංවිධාන සමගද සබඳතා ඇති කරගෙන ලංකාවේ සිටින අන්තවාදී මුස්ලිම් කොටස සමග ගනුදෙනු කරයි. එහෙත් ඒ සම්බන්ධයෙන් කිසිදු පරික්ෂණයක් නොපැවැත්වීම ගැන අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමු. අප විසින් 2014-09-01 දින එවන ලද ලිපියේ පිටපතක් මෙයට යා කරමු. ලාංකික කාන්තාවකගෙන් වසර දෙකක වැටුප් හාම්පුතාගෙන් ලබාගෙන දිමට ඔහු විසින් ප්‍රසිද්ධියේ ඇමරිකානු ඩොලර් 500 ක පගාවක් ඉල්ලීම පිළිබඳ සාක්ෂි අපට ලැබි ඇත. එය නිසි පරිදි තහවුරු කර ගත් පසු ඔබ තුමා වෙත සහ මාධ්‍ය වෙත යොමු කරන්නෙමු.

මොහු විසින් කරන ලද තවත් ජඩකමක් හෙලි කිරීම මෙම ලිපියේ අරමුණයි. අපට දැන ගන්නට ඇති අන්දමට ලංකාවේ යසස් ශ්‍රී ඒජන්සිය මාර්ගයෙන් ලෙබනනයේ ක්වත්රෝ නැමති රැකියා ඒජන්සිය හරහා ලෙබනනයට රැකියාවකට පැමිණි ගීතා නැමති කාන්තාවක් ගෙහිමියාගේ අතවර නිසා තානාපති කාර්යාලයේ ජමීල් මහතා හමුවී පසුගිය සැප්තැම්බර් මාසයේ 29 වන දින පැමිණිලි කර තිබේ. මෙම කාන්තාව නැවතත් ඇගේ අකැමැත්ත පිට ක්වත්රෝ ඒජන්සියට බාරදී පෙර නිවසේම සේවයට යොදවා ඇත. නැවතත් ඇයට ලිංගික අතවර කිරීම නිසා ඇය එම නිවස පිහිටි පළමු මහලේ සිට බිමට පැන තිබේ. මෙහිදී ඇයගේ කොන්දට සහ පාදයකට හානී සිදුවී තිබේ. මෙම ඒජන්සිකරුවා ඇය රෝහලකට හෝ පොලිසියට ගෙන යන්නේ නැතිව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ගෙනවිත් ජමිල් මහතාට බාර දී ඇත. ඔහු ඉතා රහසිගතව ඇය එහි ඇති සුරක්ෂා නිවසේ රඳවා පෞද්ගලික වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර කරන බව අපට දැන ගන්නට ඇත. ඇයට නිසි වෛද්‍ය ප්‍රතිකාර නොලැබෙන බව අපගේ වැටහීමයි. ඇයට තර්ජනය කර ලිපියක් ලබාගෙන ඇය රහසේම ලංකාවට යැවීමට සැලසුම් කරමින් සිටින බවද දැන ගන්නට ඇත. මේ සිද්ධිය යට ගැසිමට ජමීල් මහතාට විශාල මුදලක් ගෙහිමියා විසින් දී තිබේ.

මෙවැනි ජඩවැඩ කරන උන්ට ඔබතුමාගේ ඇමතිවරයකු වන ඩිලාන් පෙරේරා මැතිතුමාගේ ආරක්ෂාව ලැබෙන බව අප දනිමු. ඒ අන් ආකාරයකින් නොව ජමිල් මහතා විසින්ම තමන්ට අත තියන්නට කිසිවෙකුටත් බැරි බවට වහසිබස් දෙඩීම නිසාය.

අති ගරු ජනාධිපති තුමනි.,

ඔබගේ ඇමැති ඩිලාන් පෙරේරා විසින් පත්කරන ලද මේ කම්කරු නිලධාරියා පෙනී සිටින්නේ ලාංකිකයින් වෙනුවෙන්ද නැතිනම් ලෙබනන් ජාතිකයින් වෙනුවෙන්ද? මෙවන් අසාධාරණයන් අප රටේ කාන්තාවන්ට සිදුවන්නට ඉඩ හැර අහක බලාගෙන සිටීමට ඔබට හැකිද? මෙම සිදුවීම ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් කරන මෙන් ඉල්ලා සිටිමු. මෙම කාන්තාවගේ අයිතීන් ආරක්ෂා කරන මෙන්ද ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

පියල් ජයරත්න
කැඳවුම්කරු
දව්රා තරුණ කැල

පිටපත්. ගරු විදේශ ඇමතිමා
ගරු විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුබසාධන ඇමතිතුමා
ලංකාවේ සියලුම මාධ්‍ය ආයතන

Last modified on Thursday, 09 October 2014 11:44

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us